දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා කල් දැමුවහොත් ඒ සඳහා දිවයින පුරා පාසල් දසදහසක් වැසීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙවර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට තවත් මාස දෙකක කාලයක් ලබා දෙන ලෙස විභාග අපේක්ෂයින් ඉල්ලීමක් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ප්‍රකාශ කළේ.විභාගය කල් දැමීම සිදු කළහොත් අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වීමට නොහැකි වන බව ත් එම විභාගය තවත් මාස දෙකකින් කල් යනු ඇති බව ත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.
“කවදාවත් විභාග දෙපාර්තමේන්තුව නියම කරන දිනයට දරුවෝ ගිහිල්ලා විභාග ලියනවා මිසක් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් වෙලා නැහැ. ඉදිරිපත් වීමේ සාධාරණකමකුත් තියෙනවා.”