උසස් පෙළ විභාගය කල් යයි ද? පාර්ලිමේන්තුවේදී කතාබහක්

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා කල් දැමුවහොත් ඒ සඳහා දිවයින පුරා පාසල් දසදහසක් වැසීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට තවත් මාස දෙකක කාලයක් ලබා දෙන ලෙස විභාග අපේක්ෂයින් ඉල්ලීමක් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ප්‍රකාශ කළේ.විභාගය කල් දැමීම සිදු කළහොත් අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වීමට නොහැකි වන බව ත් එම විභාගය තවත් මාස දෙකකින් කල් යනු ඇති බව ත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

“කවදාවත් විභාග දෙපාර්තමේන්තුව නියම කරන දිනයට දරුවෝ ගිහිල්ලා විභාග ලියනවා මිසක් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් වෙලා නැහැ. ඉදිරිපත් වීමේ සාධාරණකමකුත් තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43