නිවසක් තුළ අඹුසැමි යුවළක් මරුට

නිවසක කාමරයක් තුළ අඹු සැමි යුවලක් පිළිස්සී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී මෙලෙස නිවස තුළ මියගොස් ඇත්තේ වයස අවුරුදු (30) පුද්ගලයකු සහ (29) කාන්තාවක් බව පොලීසිය පවසයි.

ඊයේ (30) රාත්‍රියේ නින්ද ගොස් ඇති අවස්තාවේ කාමරේ දෙසින් දුමක් නැගෙනු දැක නිවැසියන් කාමරේ දොර කඩා බැලීමේදී පිලිස්සුණු මොවුන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබූ බව පොලිසිය කියයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !