රත්මලාන – බොරුපන පාලම අසල කාන්තා ඝාතනයක් – ඝාතකයාත් දැඩිසත්කාරයේ (ඡායාරූප)

රත්මලාන, බොරුපන පාලම අසල පිහිටි නිවසක් ඉදිරිපිට ඊයේ (23) රාත්‍රියේ කාන්තාවක් කපා කොටා ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.

ඊයේ (23) රාත්‍රියේ බොරලැස්ගමුව පොලිස් වසමේ කරදියාන පාලම අසලදී, යතුරුපැදියකින් පැමිණි පුද්ලයින් දෙදෙනෙකු විසින් කරදියාන පාලම දෙස සිට පිළියන්දල දෙසට තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට හා කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එහිදී තුවාල ලැබූ යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා පලාගොස් ඇති අතර ඔහු සමඟ ගමන් ගත් කාන්තාව රත්මලාන, බොරුපන පාලම අසල පිහිටි නිවසක් වෙත ගොස් එහි සැඟවී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ප්‍රහාරය සඳහා පැමිණි දෙදෙනාගෙන් එක් අයෙක් කාන්තාව පසුපස ලුහුබැඳ පැමිණ ඇයට යළිත් වරක් තියුණු ආයුධයකින් පහර දී ඇති බව සඳහන්.

එහිදී ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පැන යාමට උත්සාහ කිරීමේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පහරදී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

පසුව ප්‍රදේශවාසීන්ගේ පහර කෑමට ලක් වූ පුද්ගලයා සුවසැරිය ගිලන් රථයක් මඟින් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ කාන්තාව ද රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් රෝහල් ගත කරන විටත් අදාල කාන්තාව මියගොස් සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රහාරය සඳහා පැමිණ ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයා මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, මියගිය කාන්තාව ඉරේෂා චතුරංගනී නැමැති ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

තියුණු ආයුධවලින් පහර දී කාන්තාව ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවීම සම්බන්ධ වැඩිදුර විමර්ශන ගල්කිස්ස හා බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් සිදුකරණු ලබනවා.

WhatsApp Image 2022 09 24 at 8.47.01 AM
WhatsApp Image 2022 09 24 at 8.47.00 AM 1
WhatsApp Image 2022 09 24 at 8.47.00 AM
WhatsApp Image 2022 09 24 at 8.46.59 AM 1
WhatsApp Image 2022 09 24 at 8.46.59 AM
WhatsApp Image 2022 09 24 at 8.46.58 AM 1
WhatsApp Image 2022 09 24 at 8.46.58 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14