හැටන්, සමර්හිල් වතු යායේ තේ වත්තක දී මන්දකට හසු වී ගසක් මත සිරව සිටි අගෝස්තු 7 වනදා මරණයට පත් වූ කඳුකර කොටියා සම්බන්ධව පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තා මේවන විට නිකුත් කර තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වීමට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම හේතුවෙන් සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය නිසා මරණයට පත් වූ බවයි. එහිදි කොටියා ගසට යටවී නොමැති බවත් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ බව අදාළ කමිටු වාර්තාවේ දැක්වේ.













