පොල් ගෙඩියක් හොරකම් කලැයි දම්වැලකින් බැද පහර දී ගිනියම් පිහියකින් පුළුස්සා ඇඟිල්ලක් කපයි

අලුත්ගම දර්ගානගරය කොටපිටිය ප්‍රදේශයේ ඉඩම්හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ඉඩමකින් පොල්ගෙඩි කීපයක් ඇහිඳීමට ගොස් සිටියදී (21) හැවිරිදි තරුණයෙකුට කෲර ලෙස වධහිංසාවට ලක්කර එක් අතක ඇඟිල්ලක් කපා පහරදී පාදයක් පුලුස්සා පීඩාවට පත්කර දින ගණනාවක් පොලිසිය මඟ හැර සැඟව සිටි සැකකාර ව්‍යාපාරිකයා ඊයේ (23) අලූත්ගම පොලිසියට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

21 හැවිරිදි තරුණයා එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවත් 51 හැවිරිදි මව ගේ කුසගිනි නිවීමට අවශ්‍ය ආහාරයක් මිලදී ගැනීමට මෙසේ පොල් ගෙඩි කිහිපයක් එම වත්තෙන් ඇහිඳීමට ගොස් ඇති බවත් සිද්ධිය වූ ඉකුත් සඳුදා (15)පස්වරු 3ට පමණ ඉඩම අයිති ව්‍යාපාරිකයාට පොල් ඇහිදීමට පැමිණි මෙම තරුණයා අසුවීමෙන් මෙලෙස වධ හිංසනයට ලක්කර තිබෙනවා. සැකකාර ව්‍යාපාරිකයාට අමතරව තවත් අයකු ඔහුගේ දැත්බැඳීමට කටයුතු කර තිබෙනවා.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

එම පැමිණිල්ල ඔස්සේ ක්‍රියාත්මක පොලිසිය සැකකාර ව්‍යාපාරිකයාගේ නිවසට කීපවිටක් ගියත් ඔවු එම නිවසේ සිට නොමැතිව මගහැර ගොස් තිබූ බව නිරීක්ෂණය වීමෙන් ලිඛිත ලේඛනයක් භාරදී ඇතැයිද පොලිසිය කීය.එම වත්තේ පොල් ඇහිඳීමට ගොස් සිටි බව කියන තරුණයාට පහරදී දැම්වැලකින් බැද ගිනි ගොඩක රත්කර ගිනියම් වූ පිහියකින් පාදයක් පුලුස්සා තරුණයාට වධ හිංසාවට ලක් කරන අයුරු කිසියම් අයෙකු දැක ඇති බවත් පොලිසිය කියයි.

සැකකාර (49) හැවිරිදි ව්‍යාපාරිකයා මතුගම පොලිස්බල ප්‍රදේශයේ ද නිවසක් හිමි එහිද පදිංචිව සිටිමින් දර්ගා නගරයේ කොටපිටිය ප්‍රදේශයේ ඉඩමට පැමිණ සිටියදී මෙම අපරාධය නීතිය අතට ගෙන සිදුකර ඇතැයි විමර්ශන සිදුකරන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

අලුත්ගම පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරු අද (24)දිනකළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42