පොල් ගෙඩියක් හොරකම් කලැයි දම්වැලකින් බැද පහර දී ගිනියම් පිහියකින් පුළුස්සා ඇඟිල්ලක් කපයි

අලුත්ගම දර්ගානගරය කොටපිටිය ප්‍රදේශයේ ඉඩම්හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ඉඩමකින් පොල්ගෙඩි කීපයක් ඇහිඳීමට ගොස් සිටියදී (21) හැවිරිදි තරුණයෙකුට කෲර ලෙස වධහිංසාවට ලක්කර එක් අතක ඇඟිල්ලක් කපා පහරදී පාදයක් පුලුස්සා පීඩාවට පත්කර දින ගණනාවක් පොලිසිය මඟ හැර සැඟව සිටි සැකකාර ව්‍යාපාරිකයා ඊයේ (23) අලූත්ගම පොලිසියට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

21 හැවිරිදි තරුණයා එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවත් 51 හැවිරිදි මව ගේ කුසගිනි නිවීමට අවශ්‍ය ආහාරයක් මිලදී ගැනීමට මෙසේ පොල් ගෙඩි කිහිපයක් එම වත්තෙන් ඇහිඳීමට ගොස් ඇති බවත් සිද්ධිය වූ ඉකුත් සඳුදා (15)පස්වරු 3ට පමණ ඉඩම අයිති ව්‍යාපාරිකයාට පොල් ඇහිදීමට පැමිණි මෙම තරුණයා අසුවීමෙන් මෙලෙස වධ හිංසනයට ලක්කර තිබෙනවා. සැකකාර ව්‍යාපාරිකයාට අමතරව තවත් අයකු ඔහුගේ දැත්බැඳීමට කටයුතු කර තිබෙනවා.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

එම පැමිණිල්ල ඔස්සේ ක්‍රියාත්මක පොලිසිය සැකකාර ව්‍යාපාරිකයාගේ නිවසට කීපවිටක් ගියත් ඔවු එම නිවසේ සිට නොමැතිව මගහැර ගොස් තිබූ බව නිරීක්ෂණය වීමෙන් ලිඛිත ලේඛනයක් භාරදී ඇතැයිද පොලිසිය කීය.එම වත්තේ පොල් ඇහිඳීමට ගොස් සිටි බව කියන තරුණයාට පහරදී දැම්වැලකින් බැද ගිනි ගොඩක රත්කර ගිනියම් වූ පිහියකින් පාදයක් පුලුස්සා තරුණයාට වධ හිංසාවට ලක් කරන අයුරු කිසියම් අයෙකු දැක ඇති බවත් පොලිසිය කියයි.

සැකකාර (49) හැවිරිදි ව්‍යාපාරිකයා මතුගම පොලිස්බල ප්‍රදේශයේ ද නිවසක් හිමි එහිද පදිංචිව සිටිමින් දර්ගා නගරයේ කොටපිටිය ප්‍රදේශයේ ඉඩමට පැමිණ සිටියදී මෙම අපරාධය නීතිය අතට ගෙන සිදුකර ඇතැයි විමර්ශන සිදුකරන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

අලුත්ගම පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරු අද (24)දිනකළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

  1. මේ තරම් දුෂ්කර කාළයක මනුසත්කම අහිමි කෝටි ගණන් මුදල් කුමකටද ? අසරණ මිනිසුන්ගේ කුසගින්න එක වේලක් හෝ නිවන්නට බැරි නම්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23