මෙරට පැවති ඉන්ධන අර්බුදය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන ලබාගැනීම සඳහා ගත වූ මාස 03කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාවේ සිට ගුවන් ගමන් සිදුකරන යානා 208ක් ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වනවා.
ඒ, අනුව අදාළ ගුවන් යානා සියල්ල ඉන්දියාවේ – තිරුවානන්තපුරම් ගුවන් තොටුපොළ වෙත ගොස් ඇති බව සඳහන්.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පසුගිය සිකුරාදා දිනයේ ද ගුවන් යානා 04ක් ඉන්ධන ලබාගැනීම සඳහා තිරුවානන්තපුරම් ගුවන්තොටුපොළ වෙත ගොඩබස්සවා ඇති බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා ද මෙලෙස ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දියාවට ගොස් තිබීම විශේෂත්වයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2













