9,457 දෙනෙකුට විෂයන් තුනටම ‘A’ සාමාර්ථ – 29,244ක් විෂයන් තුනම අසමත් (වීඩියෝ)

2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (26) දිනයේ දී නිකුත් කෙරුණා.

මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (27) පෙරවරුවේ පැවැත් වුණේ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගේ සහභාගීත්වයෙන්.

එහිදී විභාග කොමසාරිස්වරයා පැවසුවේ උසස් පෙළ විභාගය සමත්වීමේ ප්‍රවණතාවයේ ඉහළයාමක් නිකුත් කළ ප්‍රතිඵල මත දැකගත හැකි බවයි.

උසස් පෙළ විභාගය පෙනී සිටි අපේක්ෂකයින්ගෙන්, අපේක්ෂකයි 9,457 දෙනෙකු විෂයන් තුනටම A සාමාර්ථ ලබාගෙන ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

මේ අතර විෂයන් තුනම අසමත් වූ සංඛ්‍යාව 29,244ක් බව පැවසූ විභාග කොමසාරිස්වරයා එය ප්‍රතිශතයක් ලෙස 10.66%ක් බවයි සඳහන් කර සිටියේ.

එමෙන්ම මෙවර විශ්ව විද්‍යාල වරම් ලැබූ විභාග අපේක්ෂකයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තා අපේක්ෂිකාවන් බවයි ඔහු මෙහිදී පැවසුවේ.

එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 71.93%ක් වනවා.

විශ්ව විද්‍යාල වරම් ලැබූ පිරිමි අපේක්ෂකයින් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 60.24%ක් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කර සිටියේ.

2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව අපේක්ෂකයින් 177,588 දෙනෙකු විශ්ව විද්‍යාල වරම් හිමිකරගෙන තිබෙනවා.

මේ අතර විෂයන් තුනම අසමත් වූ පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් පිරිමි අපේක්ෂකයින් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 13.87%ක අගයක් ගනු ලබනවා.

විෂයන් තුනම අසමත් වූ කාන්තා අපේක්ෂිකාවන් ප්‍රතිශතයක් ලෙස 8.60%ක අගයක් ගන්නා බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම අපේක්ෂකයින් 456 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

මේ අතර 2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සහතික කඩිනම් ලබා ගැනීමට අවශ්‍ය නම් හෙට (28) දින පෙරවරු 9.00 සිට විභාගය දෙපාර්තෙමේන්තුවේ එක්දින සේවාව යටතේ ලබාගත හැකි බව ඔහු දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?