6 ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමට අදාළව දැනුම් දීමක්

2022 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2023 වසරේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12සිට මැයි මස 08 වනදා රාත්‍රී 12 දක්වා කාලය ඒ සඳහා වෙන් කර ඇති බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.

එහිදී පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබාගත හැකියි.