AFC Banner
AFC Banner
Empty Ad

5000 ව්‍යාජ නෝට්ටු 65ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) සවස බියගම වඩුවේගම ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලයෙක් පරීක්ෂාවට ලක්කර තිබුණා.

එහිදී ඔහු සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 63ක් සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

27 හැවිරිදි සැකකරු පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මෙම මුදල් ව්‍යාජ ලෙසට මුද්‍රණය කර වෙළඳසැල් දෙකක් වෙත ලබාදී වලංගු මුදල් ලබා ගන්නා බවටයි.

අදාළ වෙළඳසැල්වලින් ද රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 2ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු විසින් ව්‍යාජ මුදල් භාවිත කර උපයා ගත් වලංගු මුදල් රුපියල් 7700ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර බියගම පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?