5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ සාක්ෂි දෙන්න අගතියට පත් පාර්ශ්වය අදත් CID වෙත

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මතු වූ අර්බුදකාරී සිදුවීම සම්බන්ධයෙන් දෙවැනි වරටත් සාක්ෂි ලබාදීමට දෙමාපිය සංසදය අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ ඊයේ (01) දිනයේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කරන ලද දැනුම්දීම ප්‍රකාරවයි.

සැප්තැම්බර් මස 15 වැනි දින පැවැත්වූ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගය පැවැත්වීමට පෙර දින රාත්‍රියේ දී විවිධ ප්‍රදේශවල උපකාරක පන්ති ගුරුවරුන් කිහිපදෙනෙකු විසින් වට්සැප් මාර්ගයෙන් යවා ඇති බවටයි අගතියට පත් ව සිටින දෙමාපිය පාර්ශ්ව චෝදනා කර සිටියේ.

ඒ අනුව වහාම නැවත විභාගය පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලුව ද, විභාග දෙපාර්තමේන්තුව විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලූ අතර ඔවුන් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර නිකුත් වී ඇති බවට තහවුරු කෙරුණා.

එම ප්‍රතිඵල අනුව අග්‍රාමාත්‍යවරිය විසින් විශේෂඥ කමිටුවක් අදාළ සිදුවීම පිළිබඳ ව තීරණ ගැනීමට පත් කෙරුණු අතර එහිදී තීරණය කෙරුණේ පිටවූවා යැයි පැවසෙන ප්‍රශ්න 03 සඳහා සියලු ම දරුවන්ට නිදහස් ලකුණු පිරිනැමීමටයි.

නමුත් අදාළ තීරණයට විරෝධය පාමින් විභාග දෙපාර්තමේන්තුව අසල ද උද්ඝෝෂණ පැවැත්වුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද උද්ඝෝෂකයින් සාකච්ඡා කෙරුණා.

ඊයේ දිනයේ දී ජනාධිපතිවරයා දැනුම්දුන්නේ දෙසතියක් ගතවන තුරු ශිෂ්‍යත්වයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණය නොකරන ලෙසටයි.

මෙම සියලුම කරුණු ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අගතියට පත් දෙමාපිය පාර්ශ්වය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ වින්දිත පාර්ශ්වය විසින් ලබාදෙනු ලැබූ ඇතැම් සාක්ෂි වාර්තා බොහොමයක් සී.අයි.ඩී ය විසින් සලකා බලා නොමැති බවටයි.

එබැවින් වින්දිත පාර්ශ්වයට තමන් සතු සාක්ෂි යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම සඳහායි මෙලෙස අද දිනයේ දී අවස්ථාව හිමිවූයේ.

එමෙන්ම අද පස්වරුවේ දී ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් ද වින්දිත පාර්ශ්වය වෙත කැඳවීමක් ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?