AFC Banner
AFC Banner
Empty Ad

4 දෙනෙකුට මරණ දඬුවම

පිහියකින් ඇන පුද්ගලයෙකු මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු පුද්ගලයින් 4 දෙනකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.

කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් 4 දෙනකුටයි කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා විසින් මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි.

ඒ අනුව ඔවුන්ට මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

2003 වසරේ ජුනි මස 07 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී සිදු වූ අදාළ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

මෙම නඩුවේ එක් විත්තිකරුවකු අධිකරණය මගහැර සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරුවරයා විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?