රත්නපුර – වේවැල්වත්තේ කුරුඳු ඉඩමක කාන්තා මළ සිරුරක් (වීඩියෝ)

රත්නපුර, වේවැල්වත්ත, ගලබඩ ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ රත්නපුර, පන්නිල ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි දෙදරු මවකගේ සිරුක් මෙලෙස හමු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ මෙම කාන්තාව සිට ස්වාමිපුරුෂයා සමඟ ගලබඩ ප්‍රදේශයේ පුද්ගලික වත්තක රැකියාවක නිරතව සිට ඇති බවයි.

ඔවුන් දෙදෙනා මීට මාස හතරකට පෙර තම පුත්‍රයා සමඟ ඇති වූ ආරවුලකින් පසුව මෙම ප්‍රදේශයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාවගේ ස්වාමිපුරුෂයා දෛනිකව සවස් කාලයේ ගලබඩ ප්‍රදේශයේ වෙළඳසැලකට යන බවත් ඒ අනුව ඊයේ (30) දිනයේ දී පස්වරුවේ ඔහු එම වෙළඳසැලට ගොස් තිබෙනවා.

එලෙස වෙළඳසැලට ගොස් නැවත පැමිණෙන විට ඔහුගේ බිරිඳ නවාතැනේ නොසිටීම හේතුවෙන් වත්තේ මුරකරුගේ සහයෝගය ඇතිව අවට වටපිටාවේ ඇයව සොයා සෝදිසි කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස සෝදිසි කළත් බිරිඳව සොයා ගැනීමට නොහැකි වූ සැමියා 119 හදිසි දුරකථන අංකය වෙත මේ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.

පසුව එම ස්ථානයට පැමිණි වේවැල්වත්ත පොලිසියේ නිලධාරීන් නිවස අසල සිදුකළ විමර්ශනවල දී නිවසේ සිට මීටර්  150ක දුරින්  තිබෙන කුරුඳු ඉඩම දෙසට කිසියම් දෙයක් ඇදගෙන ගොස් ඇති සලකුණු නිරීක්ෂණය වී තිබෙනවා.

එම සලකුණු ඔස්සේ විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන්ට කුරුඳු ඉඩමේ තිබී කාන්තාවගේ මළ සිරුර අද (31) සොයාගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, වේවැල්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08