ලොව සිව්වැනි තැනට පත් වූ ඉන්දීය ගුවන් හමුදාව

ගුවන් යානා බලඇණිය සැලකීමේ දී ලොව සිව්වැනි විශාලතම ගුවන් හමුදාව බවට ඉන්දීය ගුවන් හමුදාව ශ්‍රේණිගත කර තිබෙනවා.

ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයයි.

රුසියාව සහ චීනය පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවනවා.

ප්‍රහාරක යානා, හෙලිකොප්ටර් ඇතුලු වන ඉන්දීය ගුවන් හමුදාව සතු යානා සංඛ්‍යාව 2,296ක්.