මංගල උත්සවයට ගිය දොස්තරලා දෙපිළකට බෙදී ගුටි ඇනගෙන

කළුතර, වස්කඩුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක ඊයේ (30) පැවති මංගල උත්සවයක දී බස්වීමක් දුර දිගේ යාමේ දෙපිරිස අතර ඇති වූ ආරවුලක් හටගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි කළුතර උතුර පොලිසිය සඳහන් කළේ.

වෛද්‍යවරයෙකුගේ මංගල උත්සවයක් අතර තුර මෙම ගැටුම හටගෙන ඇති අතර, මීට සහභාගී වී සිටි වැඩි පිරිසක්වෛද්‍ය වරුන් බවයි වාර්තා වන්නේ.

තම මිත්‍රයාගේ මංගල උත්සවය අතරතුර මත්පැන් පානය කළ වෛද්‍යවරුන් පිරිස නටමින් විනෝද වී සුළු වෙලාවකින් එම වෛද්‍යවරුන් අතර බහින් බස්වීමක් සිදුව තිබෙනවා.

මද වෙලාවකින් එම බහින් බස්වීමක් දුරදිග යාමෙන් වෛද්‍යවරුන් පිරිස ගුටිබැට හුවමාරු කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව මංගල උත්සවයට සහභාගී වී සිටි දෙපිරිසේම ඥාතීන් විසින් මහත් වෙහෙසක් දරා වෛද්‍යවරුන් පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ගැටුමෙන් අනතුරුව දෙපිරිසම කළුතර උතුර පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර, ඔවුන් ප්‍රතිකාර ලබාගැනීම කළුතර නාගොඩ රෝහල යන බව පවසා පොලිසියෙන් පිටව ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39