36 වසරක් පැරණි වෙන්ඩෝල් සමාගම ගැන පැතිරෙන අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳ පාරිභෝගිකයින්ට දැනුම්දීමක්

යම්කිසි පිරිසක් විසින් ‘වෙන්ඩෝල්’ සමාගම ගැන පතුරන අසත්‍ය ප්‍රචාර ගැන එම සමාගමෙන් පාරිභෝගික මහජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ‘Vendol volin’ සබන් ගැන අසත්‍ය තොරතුරු සඳහන් මඩ පත්‍රිකාවක් සංසරණය වන බවයි අදාළ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

වෙන්ඩෝල් ලංකා සමාගම දිවයිනේ විශිෂ්ට වෙළෙඳ නාමයකට හිමිකම් කියන අවුරුදු 36ක ඉතිහාසයක් ඇති කීර්තිමත් සමාගමක්.

එම කීර්තිනාමය නිසාම Vendol ආයතනය නිෂ්පාදනය කරනු ලබන වෙන්ඩෝල් වෙනිවැල් ආයුර්වේදීය සුවඳ සබන් අනුකරණය කර මීට පෙර සබන් වර්ග 06ක් වෙළෙඳපොළට නිකුත් කර තිබෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

නමුත් ඒවා ව්‍යාජ අනුකරණ බැවින් ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ද වෙන්ඩෝල් ලංකා සමාගම පවසනවා.

මෑතකදී මෙම සමාගම විසින් නිපදවනු ලැබූ ‘volin’ සුවඳ සබන් සන්නාමය ව්‍යාජ ලෙස වෙනත් සමාගමක් මගින් ශ්‍රී ලංකා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සඳහා ගැසට් කර තිබිණි .

ඉන්පසු ඔවුන් විසින් ම වෙන්ඩෝල් ආයතනය ‘volin‘ නාමය භාවිත කර සබන් නිෂ්පාදනය කරන්නේ නීති විරෝධීව යැයි පවසා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු අංක CHC/IP/22/2024 යටතේ නඩුවක් පවරා ආයතනයෙන් රුපියල් කෝටි 80ක වන්දියක් ඉල්ලා තිබුණු බවයි වෙන්ඩෝල් සමාගම පවසන්නේ.

නමුත් අධිකරණය එම නඩුව විභාග කර එම සමාගම වෙන්ඩෝල් ආයතනයට අයත් ‘volin’ වෙළෙඳ නාමය ව්‍යාජ ලෙස ගැසට් කර ඇති බව ඔප්පු වී ‘volin’ වෙළෙඳ නාමය ගොඩකන්ද හර්බල් ආයතනයට අයත් බවත් තීන්දු කර වන්දි ඉල්ලීම නිෂ්ප්‍රභ කර තිබෙනවා.

වසර 36ක් පැරණි වෙන්ඩෝල් ආයතනයේ නිෂ්පාදන දේශමාන්‍ය වෛද්‍ය ශිරෝමණී ලේල්වල, ජී. ගොඩකන්ද මැතිතුමා යටතේ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයක් විසින් සිඳින ලද ඖෂධීය තෙල් සංයෝග කර රුව වඩවන සබන් නිෂ්පාදනය කරනු ලබනවා.

එදා මෙදා තුර කිසිම පාරිභෝගික පැමිණිල්ලක් නැති වෙන්ඩෝල් සබන් සඳහා ඇති ජනප්‍රියත්වය නැති කිරීමට මෙවැනි මඩ ප්‍රචාරවලින් නොහැකි බව පාරිභෝගික ජනතාවගේ විශ්වාසය බව වෙන්ඩෝල් සමාගම හොඳින් දන්නා කාරණයක් බවත්; අදාළ ව්‍යාජ තොරතුරුවලට හසු නොවන ලෙසට ද එම සමාගම වැඩිදුරටත් ශ්‍රී ලංකා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58