Empty Ad
AFC Banner
Empty Ad

34 හැවිරිදි තරුණයෙකුට 17 තම දියණියව බලෙන් බන්දන්න හදලා සිදු වු විපත

ගලේවෙල පට්ටිවෙල හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (03) දින තියුණු ආයුධයකින් ඇණ තරුණියක් ඝාතනයකර තිබෙන බව වාර්තා වනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 19ක ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි ඒ .ජි .රශ්මිකා දිල්මිනි තිලකරත්න නමැති තරුණියක්. මෙම තරුණිය තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට එම මියගිය තරුණියගේ ළඟම ඥාතියෙකු වන 42 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසනවා.

මෙම තරුණිය 03 දින පස්වරුවේ ඇය විසින් පවත්වාගෙන යන පට්ටිවෙල ප්‍රදේශයේ පොත් අලෙවිසැලක සිටියදී එම ස්ථානයට පැමිණි මෙම ඥාතියා එක වරම ඇයට පිහියකින් ඇන ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙන අතර මූලික රෝහලේ දී මෙම තරුණිය ජීවිතක්ෂයට පත්වී ඇතැයි ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ශාන්ත පෙරේරා මහතා පවසනවා.

අත්අඩංගුවට පත් පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ තම දියණිය වයස අවුරුදු 17ක් වන බවත් මව නොමැතිව තම දියණිය ළමා නිවාසයක හැදී වැඩී ඇති බවයි. පසුව අවුරුදු නිවාඩුව සඳහා ළමා නිවාස තම දියණිය තමා වෙත මීට දින කිහිපයකට පෙර භාරදුන් බවද පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා . නිවසේ තනිවම සිටීමට නොහැකි නිසා අසල නිවසේ සිටින ළඟම ඥාති කාන්තාවක ගේ නිවසේ තම දියණිය නවතා තැබූ බව පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා . ඥාති නිවසේ සිටි මියගිය තරුණිය තම දියණිය 34 වියැති පුද්ගලයෙකුට විවාහ කර දීමට යන බවට තමාට දැනගන්නට ලැබුණු බවද සැකකරු ප්‍රකාශ කොට තිබෙනවා.

පසුව අවස්ථා කිහිපයක තම දියණිය බැලීම සඳහා එම නිවසට ගිය ද තමන්ට දියණිය නොපෙන්වා සඟවාගෙන සිටි බවද එම නිසා ඇති වූ කෝපයෙන් මෙම ඝාතනය සිදුකළ බව ඔහු පාපොච්ඡාරණය කළ බව පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
<p>?</p>