34 හැවිරිදි තරුණයෙකුට 17 තම දියණියව බලෙන් බන්දන්න හදලා සිදු වු විපත

ගලේවෙල පට්ටිවෙල හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (03) දින තියුණු ආයුධයකින් ඇණ තරුණියක් ඝාතනයකර තිබෙන බව වාර්තා වනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 19ක ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි ඒ .ජි .රශ්මිකා දිල්මිනි තිලකරත්න නමැති තරුණියක්. මෙම තරුණිය තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට එම මියගිය තරුණියගේ ළඟම ඥාතියෙකු වන 42 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසනවා.

මෙම තරුණිය 03 දින පස්වරුවේ ඇය විසින් පවත්වාගෙන යන පට්ටිවෙල ප්‍රදේශයේ පොත් අලෙවිසැලක සිටියදී එම ස්ථානයට පැමිණි මෙම ඥාතියා එක වරම ඇයට පිහියකින් ඇන ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙන අතර මූලික රෝහලේ දී මෙම තරුණිය ජීවිතක්ෂයට පත්වී ඇතැයි ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ශාන්ත පෙරේරා මහතා පවසනවා.

අත්අඩංගුවට පත් පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ තම දියණිය වයස අවුරුදු 17ක් වන බවත් මව නොමැතිව තම දියණිය ළමා නිවාසයක හැදී වැඩී ඇති බවයි. පසුව අවුරුදු නිවාඩුව සඳහා ළමා නිවාස තම දියණිය තමා වෙත මීට දින කිහිපයකට පෙර භාරදුන් බවද පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා . නිවසේ තනිවම සිටීමට නොහැකි නිසා අසල නිවසේ සිටින ළඟම ඥාති කාන්තාවක ගේ නිවසේ තම දියණිය නවතා තැබූ බව පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා . ඥාති නිවසේ සිටි මියගිය තරුණිය තම දියණිය 34 වියැති පුද්ගලයෙකුට විවාහ කර දීමට යන බවට තමාට දැනගන්නට ලැබුණු බවද සැකකරු ප්‍රකාශ කොට තිබෙනවා.

පසුව අවස්ථා කිහිපයක තම දියණිය බැලීම සඳහා එම නිවසට ගිය ද තමන්ට දියණිය නොපෙන්වා සඟවාගෙන සිටි බවද එම නිසා ඇති වූ කෝපයෙන් මෙම ඝාතනය සිදුකළ බව ඔහු පාපොච්ඡාරණය කළ බව පොලිසිය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57