දුම්රිය වෘත්තීය සමිති සන්ධානය මේ මස 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 28 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ආණ්ඩුවට එරෙහිව ගෙන යන ජනතා විරෝධයට සහාය දැක්වීම සඳහා ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
මෙම සංකේත වැඩවර්ජනයට දුම්රිය ප්‍රධාන වෘත්තිය සමිති ඇතුළු වෘත්තීය සමිති තිහකට වැඩි සංඛ්‍යාවක් එකතුව සිටින බව වාර්තා වෙයි.
