27 ක් රෝහලේ – තුනක් අයි.සී.යූ

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු ඊයේ (19) රාත්‍රියේ පැනවූ පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර මෙම ප්‍රදේශයේ පැවති විරෝධතාව අතර සිදුවූ ගැටුමින් තුවාල ලැබූ 27 දෙනෙකු තවදුරටත් කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඉන් 13 දෙනෙකු විරෝධතාවට එක්වූ අය වන අතර, ඔවුන්ගෙන් 03 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ පසුවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකු පොලිස් නිලධාරීන් වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශය හරහා ගමන් කිරීමට පැමිණෙන මහජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම් දෙන බවයි.

කෙසේ වෙතත් රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කිරීම සඳහා තුන්දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් කියා සිටියේ.සිද්ධියෙන් එක් පුද්ගලයෙකු මිය ගියා.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව මාතර නගරයේ මහානාම පාලම අසළ පැවති විරෝධතාව පාලනය කිරීම සඳහා ද පොලීසිය ඊයේ රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විරෝධතාව අතරතුර කලහකාරී ලෙස හැසිරුණු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

ඊට අමතරව ගාල්ල, කඹුරුපිටිය, අකුරැස්ස, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, අම්බලන්ගොඩ, හැටන්, හලාවත, ඇල්පිටිය, අනුරාධපුරය, මිනුවන්ගොඩ, කැස්බෑව, බණ්ඩාරගම, බත්තරමුල්ල, තෝප්පුව, තිස්සමහාරාම ඇතුලු නගර රැසකම එවැනි විරෝධතා ඊයේ පැවැත්වුණා. ඇතැම් නගරවල ජනතාව සහ බස් රථ සේවකයින් ටයර් පුළුස්සමින් ගමනාගමනයට බාධා එල්ල කළ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37