2600 දුම්රිය ටිකට්ටුව 7600ට විකිණූ අයෙක් අල්ලයි

අන්තර් ජාලය ඔස්සේ විදේශීය යුවළකට වැඩි මිලට දුමිරිය ප්‍රවේශ පත්‍රයක් අලෙවි කළ පුද්ගලයෙකු මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු රුපියල් 2600ක ප්‍රවේශපත්‍රයක් රුපියල් 7600ක මුදලකට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (13) පස්වරුවේ මහනුවර දුම්රියපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 64 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?