Indian Premier League

246,000කට වෙන්දේසි වූ යාපනේ අඹ ගෙඩිය

යාපනය – පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියක දී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 246,000ක මුදලකට වෙන්දේසි වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (27) රාත්‍රියේ මෙම කෝවිලේ වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙන් වෙන්දේසිය පැවැත්වූ බවයි.

අදාළ වෙන්දේසියේ දී මෙම අඹ ගොඩිය මිලට ගනු ලැබුවේ විදෙස්ගතව සිට පූතූර් ප්‍රදේශයේ පදිංචියට
පැමිණි බැතිමතෙකු විසින්.

මෙලෙසින් දේව පූජාවෙන් ලබගන්නා අඹ ගෙඩිය නිවසට රැගෙන ගොඩ් තැන්පත් කිරීමේ දී සාමය, සෞභාග්‍යය ළඟාවන බවට හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබන අතර මීට පෙර ද වවුනියාවේ හින්දු කෝවිල් හි එක් අඹ ගෙඩියක් රුපියල් 95,000ක මුදලකට සහ තවත් හින්දු කෝවිලක අඹ ගෙඩි 3ක් රුපියල් ලක්ෂ 10ක මුදලකට වෙන්දේසි වීම ද සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?