පෞද්ගලික බැංකුවක අභ්‍යන්තර වංචාවක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

National Development Bank PLC තුළ, අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම වංචාව මගින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදු විය හැකි බව එම බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇති බව එහි සඳහන්.

එමෙන්ම මෙම වංචාව නිසා, කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතුවලට, බලපෑම් සිදු වී නොමැති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඔවුන් දැනුම් දී ඇති බව ද අදාළ නිවේදනය දැක්වෙනවා.

National Development Bank PLC විසින්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී ඇති තොරතුරු අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, විය හැකි මූල්‍ය බලපෑම පිළිබඳව පූර්ව ඇගැයීමක් සිදුකර ඇති අතර, ඒ අනුව, වාර්තා කළ අලාභය සලකා බැලීමෙන් පසුව ද, National Development Bank PLC හට, එහි ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා සහ ද්‍රවශීලතාවය සම්බන්ධ අනුපාත, අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවත්වා ගෙන යා හැකි බවට ප්‍රකාශ කර ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

තවදුරටත් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර, අවශ්‍ය පරිදි සුදුසු පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

අවශ්‍ය වුවහොත්, පවතින නීති සහ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ බැංකුවලට ලබා ගත හැකි දැනටමත් ක්‍රියාත්මක ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම යටතේ, National Development Bank PLC හට, තාවකාලිකව ද්‍රවශීලතා ලබාගැනීමේ හැකියාව පවතින බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
12
+1
1
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ව ළඟ තියාගෙන සජිත්, ජනපතිට අනතුරු අඟවයි
01:58
Video thumbnail
නාමල්ට සජිත්ගෙන් ලැබුණු පිළිගැනීම
01:34
Video thumbnail
මේ චාමර සම්පත් එක්ක ඕවා එපා - වෙන කාත් එක්ක හරි තියාගන්න
01:41
Video thumbnail
"ඇතුලේ යන්න කළින් කියන්නම්කෝ" - චාමර කියාගෙන කියපු කතාවට හැමෝම බඩ අල්ලන් හිනාවෙයි
00:17
Video thumbnail
බලන්න අපේ මිනිස්සුන්ගේ විදිහ.. තැනක් කොතනක් නෑ.. ඉන්නේ කවුදවත් දන්නේ නෑ..
01:27
Video thumbnail
අනුර කුමාර අද ඒකාධිපති නායකයෙක් වෙලා
06:43
Video thumbnail
"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" - රට හදන්න එන ශාන්ත බණ්ඩාරට පුතා හදාගන්න බැරිවුණු හැටි
02:46
Video thumbnail
ආණ්ඩුව නිසා තමයි අපිට මෙතනට එන්න වුණේ
02:42
Video thumbnail
අධිකරණය ආණ්ඩුවේ තනි අතට ගන්න හදන්නේ - අපි පරාජය කරනවා
01:10
Video thumbnail
චාමර සම්පත් පාර දිගේ බැන බැන යයි? බලය තියනකොට මොළේ නෑ
01:18