2030 වනවිට එළවළු බීජ ආනයනය නතර කිරීමට නව වැඩපිළිවෙලක්

2030 වනවිට එළවළු බීජ ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් ඇරඹු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරන්නේ මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දේශීය එළවළු බීජ නිෂ්පාදනය අරඹා ඇති බවයි.

එළවළු බීජ අවශ්‍යතාවයෙන් පතෝල සියයට 100ක්, මෑකරල් සියයට 93ක්, කරවිල සියයට 89ක්, වම්බටු සියයට 79ක්, බෝංචි සියයට 64ක්, බණ්ඩක්කා සියයට 61ක්, මාළු මිරිස් සියයට 44ක්, තක්කාලි සියයට 27ක්, රාබු සියයට 39ක් වශයෙන් බීජ නිෂ්පාදනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට එළවළු බීජ අවශ්‍යතාවය කිලෝ ග්‍රෑම් 800,000ක් පමණ වන අතර, ඉන් උඩරට එළවළු සඳහා කිලෝ ග්‍රෑම් 100,000ක් ද පහතරට එළවළු සඳහා කිලෝ ග්‍රෑම් 700,000 ක්ද ලෙස බීජ අවශ්‍යතාවය පවතිනවා.

මෙම බීජ අවශ්‍යතාවය දේශීය බීජ නිෂ්පාදනයෙන් සහ අනායනික බීජ මඟින් සපයා ගනු ලබනවා.

මේ අතර 2023 වසර තුළ මෙරටට සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29