2028 වසරේ සිංහල අලුත් අවුරුද්දට මධ්‍යම අධිවේගයේ රඹුක්කනට යන්න අවස්ථාව (වීඩියෝ)

2028 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම දක්වා කොටසේ වැඩ අවසන් කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ යළි ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවටය අද (17) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ පොතුහැර සිට රඹුක්ක දක්වා මාර්ග කොටස ද මීට සමගාමීව වැඩ අවසන් කරන බවයි.

ඒ, අනුව 2028 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වන විට මධ්‍යම අධිවේගී මාර්ගය රඹුක්කන දක්වා සංවර්ධනය වන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?