2027 මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයට කැබිනට් අනුමැතිය

2024 අංක 44 දරන මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව මූල්‍ය විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණ ඇතිව මධ්‍ය කාලීන ක්‍රමෝපායන් සකස් කර ක්‍රියාත්මක කළ යුතු වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසනවා.

එම පනතේ 11 වගන්තිය පරිදි මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් මධ්‍ය කාලීන මූල්‍ය රාමුව සහිත මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය වාර්ෂිකව සකස් කර ඉදිරිපත් කළ යුතු වේ. මුල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය මඟින් ජාතික අයවැය සකස් කිරීම සඳහා වන උපායමාර්ගික පදනම සපයන අතර, එයට රජයේ මූල්‍ය අරමුණු, ඉලක්කයන් සහ ප්‍රතිපත්ති ඇතුළත් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රාජ්‍ය මූල්‍ය කළමනා කරණ පනතේ විධිවිධාන අනුව මුල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය තුළ මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීමට එල්ල වන ප්‍රධාන මූල්‍ය අවදානම් මූලාශ්‍රයන් නිශ්චිතව දැක්විය යුතු අතර, ඒවායින් සිදු විය හැකි රාජ්‍ය මූල්‍ය බලපෑම පිළිබඳ ඇස්තමේන්තුවක් ද ඊට ඇතුළත් කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ

මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු අතර, ඉන් අනතුරුව පදාළ වර්ෂයේ ජුනි මස 30 දින හෝ ඊට ප්‍රථම මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වනවා.

වාර්ෂික අයවැය මුල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය මත පදනම්ව සකස් කළ යුතු වනවා.

ඒ අනුව, 2027 වර්ෂය සඳහා වන මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සඳහාත්, එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහාත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25