2026 – 2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් – මැතිවරණ කොමසාරිස්

2026 – 2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් බවත්, එය නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවා.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව සඳහන් කළේ කැෆේ සංවිධානය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12කට තේරි පත් වී සිටින කාන්තා සභිකයින්ට “ජනනි” ඩිජිටල් තාක්ෂණ වැඩසටහනේ තෙවන අදියර සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනකට අද (27) එක්වෙමින්.

මෙහිදි අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක,

“නොවැම්බර් මාසේ පළවෙනි සතිය වෙනකොට අපි 2026 – 2029 උපාය මාර්ග සැලැස්ම ප්‍රකාශයට පත් කරන්න.ඒකෙ අවසන් අදියරේ අපි මේ වෙනකොට ඉන්නේ. අපි දිස්ත්‍රික්ක 25 සියළුම ආකාරයේ ජන කොටස් එක්ක පාර්ශවකරුවන් එක්ක සාකච්ඡා
කරලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් තමයි මේකට ඇතුළත් කරලා තියෙන්නේ. කොමිෂන් සභාවේ පාලන සැලැස්ම තුළ කිසිදු දෙයක් නෑ අපේ දේවල්, තියෙන්නේ සියලුම ඔබේ දේවල්, මහජනතාවගේ දේවල් සහ ඉල්ලීම් තියෙන්නෙ අපි උත්සහ කරන්නේ අවුරුදු 04 තුළ කොහොමද එම ඉල්ලීම් ටික ඉටු කරන්නේ කියලා. ඒ අදාළ ලියවිල්ල නොවැම්බර් මාසේ මුල සතිය වන විට ප්‍රකාශයට පත් කරන්න සූදානම් කරලා තියනවා. උපාය මාර්ග සැලැස්මට පැරණි දේවලුත් අලුත් දේවලුත් ඇතුළත් කරලා තියනවා. පළවෙනි දේ තමයි මැතිවරණයේ සම්බන්ධයෙන් යම් කිසි වෙනසක් වෙනවා නම් මුලින්ම නීතියේ වෙනසක් විය යුතුයි. විශේෂයෙන්ම අපි ඒකේ සදහන් කරලා තියනවා. අපි හැමෝටම වැදගත් වන දෙයක් තමයි පූර්ණ ඡන්ද විමසීම කියන එක. මා මේ වන විටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියනවා පූර්ණ ඡන්ද විමසීම අදාළව නිතිය සකස් කරන්න කියලා. එහෙම වුනොත් අපට පුලුවන් ගොඩක් ගැටළු විසදගන්න. ඡන්ද දිනයේ දී ඡන්දය භාවිත කරන්න බැරිවුණ අයට විසදුම් ලබාදෙන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?