2026 – 2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් – මැතිවරණ කොමසාරිස්

2026 – 2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් බවත්, එය නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවා.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව සඳහන් කළේ කැෆේ සංවිධානය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12කට තේරි පත් වී සිටින කාන්තා සභිකයින්ට “ජනනි” ඩිජිටල් තාක්ෂණ වැඩසටහනේ තෙවන අදියර සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනකට අද (27) එක්වෙමින්.

මෙහිදි අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක,

“නොවැම්බර් මාසේ පළවෙනි සතිය වෙනකොට අපි 2026 – 2029 උපාය මාර්ග සැලැස්ම ප්‍රකාශයට පත් කරන්න.ඒකෙ අවසන් අදියරේ අපි මේ වෙනකොට ඉන්නේ. අපි දිස්ත්‍රික්ක 25 සියළුම ආකාරයේ ජන කොටස් එක්ක පාර්ශවකරුවන් එක්ක සාකච්ඡා
කරලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් තමයි මේකට ඇතුළත් කරලා තියෙන්නේ. කොමිෂන් සභාවේ පාලන සැලැස්ම තුළ කිසිදු දෙයක් නෑ අපේ දේවල්, තියෙන්නේ සියලුම ඔබේ දේවල්, මහජනතාවගේ දේවල් සහ ඉල්ලීම් තියෙන්නෙ අපි උත්සහ කරන්නේ අවුරුදු 04 තුළ කොහොමද එම ඉල්ලීම් ටික ඉටු කරන්නේ කියලා. ඒ අදාළ ලියවිල්ල නොවැම්බර් මාසේ මුල සතිය වන විට ප්‍රකාශයට පත් කරන්න සූදානම් කරලා තියනවා. උපාය මාර්ග සැලැස්මට පැරණි දේවලුත් අලුත් දේවලුත් ඇතුළත් කරලා තියනවා. පළවෙනි දේ තමයි මැතිවරණයේ සම්බන්ධයෙන් යම් කිසි වෙනසක් වෙනවා නම් මුලින්ම නීතියේ වෙනසක් විය යුතුයි. විශේෂයෙන්ම අපි ඒකේ සදහන් කරලා තියනවා. අපි හැමෝටම වැදගත් වන දෙයක් තමයි පූර්ණ ඡන්ද විමසීම කියන එක. මා මේ වන විටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියනවා පූර්ණ ඡන්ද විමසීම අදාළව නිතිය සකස් කරන්න කියලා. එහෙම වුනොත් අපට පුලුවන් ගොඩක් ගැටළු විසදගන්න. ඡන්ද දිනයේ දී ඡන්දය භාවිත කරන්න බැරිවුණ අයට විසදුම් ලබාදෙන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22