2026 වසරේ චීනය 5%ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂාවෙන්

චීනයේ ඉහළම ව්‍යවස්ථාදායකය සහ දේශපාලන උපදේශක මණ්ඩලය ලෙස හැඳින්වෙන එරට වාර්ෂික ජාතික සැසිවාර දෙකෙහි 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරය අද (05) පෙරවරු 9.00ට බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ වුණා.

ඒ, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා ද වන ජනාධිපති, ෂී ජින්පිං ඇතුළු රජයේ හා පක්ෂ නායකයින්ගේ රැසකගේ සහභාගීත්වයෙන්.

එහිදී චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ, 2025 වසරේදී ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක සහ කාර්යයන් සාර්ථකව අවසන් වූ බවයි.

එමෙන්ම එම වාර්තාවට අනුව 2026 වර්ෂයෙන් ආරම්භ වන චීනයේ ඉදිරි පස් අවුරුදු සැලසුම් කෙටුම්පත මගින් ප්‍රධාන ඉලක්ක 20ක් ඉදිරිපත් කර තිබෙනවා.

නවෝත්පාදන සංවර්ධනය ශක්තිමත් කිරීම, සමාජීය සමස්ත පර්යේෂණ අයවැය වර්ෂිකව 7%කින් වැඩි කිරීම මෙන්ම හරිත අවකාබන් විමෝචනය, දූෂණ අවම කිරීම හා ජෛව පරිසර පද්ධතීන් සුරක්ෂිත කිරීම යනාදිය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදන ඒකකයක් සඳහා කාබන් ඩයොක්සයිඩ් විමෝචන ප්‍රමාණය 17%%කින් අඩු කිරීම යනාදිය එහිදී ඉලක්ක කර තිබෙනවා.

රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව 2026 වසරේදී චීන ආර්ථික වර්ධන වේගය 4.5%ත් 5%ත් අතර මට්ටමක් අපේක්ෂා කෙරෙනවා.

තවද, නාගරික ප්‍රදේශයන්හි මිලියන 12 ඉක්මවූ රැකියා අවස්ථා නිර්මාණය, විරැකියා අනුපාතය 5.5%ක පමණ මට්ටමක් දක්වා පාලනය, පාරිභෝගික මිල දර්ශකය 2%ක පමණ මට්ටමක පවත්වා ගැනීම, ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 700 ඉක්මවීම, මෙන්ම ජාත්‍යන්තර ආදායම් හා වියදම් මූලික වශයෙන් සමබරව පවත්වා ගැනීම මෙම වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක බව ලී ච්‍යං අග්‍රාමාත්‍යරයා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම එම රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, මධ්‍යස්ථ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට චීනය පියවර ගනු ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24