2025-2026 අළු බඳුන ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන ස්ථාන හා දින ප්‍රකාශයට පත් කෙරේ (ඡායාරූප)

ලබන වසරේ (2025 -2026) අවසානයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රෙලියා – එංගලන්ත අළු බඳුන ටෙස්ට් තරගාවලිය සඳහා දින සහ පැවැත්වෙන ස්ථාන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එහි දැක්වෙන්නේ මෙම තරගාවලිය ටෙස්ට් තරග 05කින් සමන්විත වන බවත්; එහි පළමු ටෙස්ට් තරගය 2025 වසරේ නොවැම්බර් මස 21 වැනි දින සිට 25 තෙක් ඔස්ට්‍රෙලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන බවයි.

තරගාවලි සත්කාරකත්වය ඔස්ට්‍රෙලියාවට හිමිව තිබෙනවා.

ඉතිරි ටෙස්ට් තරග 04 ඔස්ට්‍රෙලියාවේ බ්‍රිස්බේන් (දිවා-රාත්‍රී ටෙස්ට්), ඇඩිලේඩ්, මෙල්බර්න් සහ සිඩ්නි යන ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය 2010/11 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවේ දී අළු බඳුන ටෙස්ට් තරග මාලාවක් ජයග්‍රහණය කර නොමැති අතර, පසුගිය වසරේ (2023-2024) එංගලන්ත භූමියේ දී ප්‍රතිවාදීන් දෙදෙනා අතර පැවති අළු බඳුන තරගාවලිය 2-2ක් ලෙසින් අවසන් වුණා.

මෙම තරගාවලිය මීළඟ ICC ලෝක ටෙස්ට් ශූරතා කාල සීමාවේ (2025-27) තීරණාත්මක කොටසක් වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වාදෙන්නේ.

ඔස්ට්‍රෙලියාව ලෝක ටෙස්ට් ශූරතාව ද ලබා ඇති අතර අළු බඳුන තරගාවලියේ ප්‍රධාන පාර්ශ්වයක් වන එංගලන්තයට ලෝක ටෙස්ට් ශූරතාවකට හිමිකම් කීමට අවස්ථාවක් ලැබී නැහැ.

2015 වසරේ හිටපු ආරම්භක පිතිකරු ඇලෙස්ටෙයාර් කුක්ගේ නායකත්වයෙන් එංගලන්තය තම මව්බිමේ දී අළු බඳුන තරගාවලියක් ජය ගත්ත ද; තවම ඉන් පසුව ජයගෙන නොතිබීම ද විශේෂත්වයක්.

කෙසේවෙතත් වර්ෂ 1883 සිට ආරම්භ වී ඇති මෙම අළු බඳුන ටෙස්ට් තරගාවලියේ මෙතෙක් තරග 73ක් පවත්වා ඇති අතර ඉන් තරග 34ක් ජයගෙන තරග 06ක් ජය පරාජයෙන් තොර කරගැනීමට ඔස්ට්‍රෙලියාව සමත් ව සිටිනවා.

එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් තරග 32ක් ජයගැනීමට එංගලන්තය සමත් ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?