2025-2026 අළු බඳුන ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන ස්ථාන හා දින ප්‍රකාශයට පත් කෙරේ (ඡායාරූප)

ලබන වසරේ (2025 -2026) අවසානයේ පැවැත්වීමට නියමිත ඔස්ට්‍රෙලියා – එංගලන්ත අළු බඳුන ටෙස්ට් තරගාවලිය සඳහා දින සහ පැවැත්වෙන ස්ථාන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එහි දැක්වෙන්නේ මෙම තරගාවලිය ටෙස්ට් තරග 05කින් සමන්විත වන බවත්; එහි පළමු ටෙස්ට් තරගය 2025 වසරේ නොවැම්බර් මස 21 වැනි දින සිට 25 තෙක් ඔස්ට්‍රෙලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන බවයි.

තරගාවලි සත්කාරකත්වය ඔස්ට්‍රෙලියාවට හිමිව තිබෙනවා.

ඉතිරි ටෙස්ට් තරග 04 ඔස්ට්‍රෙලියාවේ බ්‍රිස්බේන් (දිවා-රාත්‍රී ටෙස්ට්), ඇඩිලේඩ්, මෙල්බර්න් සහ සිඩ්නි යන ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය 2010/11 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවේ දී අළු බඳුන ටෙස්ට් තරග මාලාවක් ජයග්‍රහණය කර නොමැති අතර, පසුගිය වසරේ (2023-2024) එංගලන්ත භූමියේ දී ප්‍රතිවාදීන් දෙදෙනා අතර පැවති අළු බඳුන තරගාවලිය 2-2ක් ලෙසින් අවසන් වුණා.

මෙම තරගාවලිය මීළඟ ICC ලෝක ටෙස්ට් ශූරතා කාල සීමාවේ (2025-27) තීරණාත්මක කොටසක් වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වාදෙන්නේ.

ඔස්ට්‍රෙලියාව ලෝක ටෙස්ට් ශූරතාව ද ලබා ඇති අතර අළු බඳුන තරගාවලියේ ප්‍රධාන පාර්ශ්වයක් වන එංගලන්තයට ලෝක ටෙස්ට් ශූරතාවකට හිමිකම් කීමට අවස්ථාවක් ලැබී නැහැ.

2015 වසරේ හිටපු ආරම්භක පිතිකරු ඇලෙස්ටෙයාර් කුක්ගේ නායකත්වයෙන් එංගලන්තය තම මව්බිමේ දී අළු බඳුන තරගාවලියක් ජය ගත්ත ද; තවම ඉන් පසුව ජයගෙන නොතිබීම ද විශේෂත්වයක්.

කෙසේවෙතත් වර්ෂ 1883 සිට ආරම්භ වී ඇති මෙම අළු බඳුන ටෙස්ට් තරගාවලියේ මෙතෙක් තරග 73ක් පවත්වා ඇති අතර ඉන් තරග 34ක් ජයගෙන තරග 06ක් ජය පරාජයෙන් තොර කරගැනීමට ඔස්ට්‍රෙලියාව සමත් ව සිටිනවා.

එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් තරග 32ක් ජයගැනීමට එංගලන්තය සමත් ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54