AFC Banner
AFC Banner
Empty Ad

2025 ශූරයින්ගේ කුසලානය අද ඇරඹෙයි – පළමු තරගය පකිස්තානයට එරෙහිව කිවියන්

2025 ශූරයින්ගේ කුසලානය ( Champions Trophy) අද (19) පස්වරු 2.30ට ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් දරනු ලබනවා.

ශූරයින්ගේ කුසලානයට කණ්ඩායම් 08ක් එක් වන අතර එය A හා B යන ද්විත්ව කාණ්ඩ ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

A කාණ්ඩයට බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ නවසීලන්තය එක් ව සිටිනවා.

B කාණ්ඩයේ පසුවන්නේ ඔස්ට්‍රෙලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය යි.

අද පස්වරුවේ පළමු තරගයට සත්කාරක පාකිස්තානයට එරෙහිව නවසීලන්තය කරච්චි නුවර දී එක් වනවා.

නවසීලන්තය මෙහෙයවන්නේ මිචෙල් සැන්ට්නර් විසින් වන අතර මොහොමඩ් රිස්වාන් පකිස්තානය මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?