‘2025 දසත සමගි සූර්යය මංගල්‍යයේ සංගීත රාත්‍රිය’ ජනප්‍රිය තරු රැසක් පිරිවරාගෙන අතිසාර්ථකව අවසන් (වීඩියෝ)

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශයේ මිලියන 04කට අධික පරිශීලක සංඛ්‍යාවක් සිටින දසත ලංකා මාධ්‍ය ජාලය සහ සමගි ක්‍රීඩා සමාජය එක් ව සංවිධානය කරන ලද 2025 දසත සමගි සූර්‍යය මංගල්‍යයේ සංගීත රාත්‍රිය ඊයේ (19) රාත්‍රියේ අති උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් වුණා.

ඒ දිවුලපිටිය – දෙල්වගුර මලියදේව ප්‍රාථමික විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දියි.

මෙම සංගීත රාත්‍රිය සප්ත ස්වරයෙන් රසවත් කිරීමට රිවර්බ් සංගීත කණ්ඩායම එක් ව සිටි අතර ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ද ඊයේ රාත්‍රියේ දී සිය ගීතවලින් පැමිණ සිටි ප්‍රේක්ෂකයින් ව රසවත් කළා.

ගැයූ ගීතවලට අලංකාරවත් නර්තන වින්‍යාසයන් එක් කළේ ‘සනූ විත් සුපර් සෙන්ස්’ විසින්.

රිවර්බ් සංගීත කණ්ඩායමේ නැටවෙන සංගීතයට ජනකාන්ත ගායන තරු ලෙස ශෂිකා නිසංසලා, අජිත් මුතුකුමාරණ, නලින්ද රණසිංහ, දිනේෂ් තරංග, මිලින්ද සඳරුවන්, රුක්ෂි, රෙඩ් සහ අවිශ්ක ඕෂධ එක් වුණා.

රාත්‍රී 09ට ආරම්භ වූ දසත සමගි සූර්‍යය මංගල්‍යයේ සංගීත රාත්‍රිය අද අලුයම වෙන තෙක් පැමිණ සිටි ජනතාවට ප්‍රීතිමත් – වින්දනීය මෙන් ම අමතක නොවන සංගීත රාත්‍රියක් උදා කිරීමටයි සමත් වූයේ.

මීට අමතරව ‘දසත මාධ්‍ය ජාලය’ විසින් සංවිධානය කරන ලද ‘දසත සමගි සූර්යය මංගල්‍යය’ ඊයේ දවස පුරා අවුරුදු තරග රැසක් සමගින් දෙල්වගුර මලියදේව ප්‍රාථමික විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී අතිසාර්ථකව අවසන් කෙරුණා.

මෙහි සංවිධාන ශක්තිය ‘සමගි ක්‍රීඩා සමාජය’ විසින් ද දසත මාධ්‍ය ආයතනය හා එක් ව සිදු කළා.

2025 වර්ෂයේ දසත සමගි සූර්යය මංගල්‍යයේ අවුරුදු කුමරා ලෙස ප්‍රථම ස්ථානය දිනාගත්තේ මහනුවරින් අංක 07න් තරග වැදි ඉෂාර මධුෂංක ජයසූරිය යි.

එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් අවුරුදු කුමරා ලෙස අංක 04 සහ අංක 01න් තරග වැදි අවුරුදු කුමාරවරුන් දිනාගත්තා.

මෙවර දසත සමගි සූර්යය මංගල්‍යයේ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ කඩවත සිට පැමිණි අංක 08න් තරග වැදි තිසගි ගමගේ යි.

එහි දෙවැනි හා තෙවැනි ස්ථාන අංක 03 සහ අංක 02න් තරග වැදි අවුරුදු කුමරියන් විසින් දිනාගනු ලැබුවා.

දසත සමගි සූර්යය මංගල්‍යය පැවැත්වීමට පූර්ණ මගපෙන්වීම දසත මාධ්‍ය ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ පී.එස්. මධුසංක මහතා සහ එම කාර්‍යය මණ්ඩලය විසින් සිදු කරනු ලැබු අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස වයඹ පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග, සහකාර පොලිස් අධිකාරී සංජීව එදිරිසිංහ ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?