‘2025 දසත සමගි සූර්යය මංගල්‍යයේ සංගීත රාත්‍රිය’ ජනප්‍රිය තරු රැසක් පිරිවරාගෙන අතිසාර්ථකව අවසන් (වීඩියෝ)

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශයේ මිලියන 04කට අධික පරිශීලක සංඛ්‍යාවක් සිටින දසත ලංකා මාධ්‍ය ජාලය සහ සමගි ක්‍රීඩා සමාජය එක් ව සංවිධානය කරන ලද 2025 දසත සමගි සූර්‍යය මංගල්‍යයේ සංගීත රාත්‍රිය ඊයේ (19) රාත්‍රියේ අති උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් වුණා.

ඒ දිවුලපිටිය – දෙල්වගුර මලියදේව ප්‍රාථමික විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දියි.

මෙම සංගීත රාත්‍රිය සප්ත ස්වරයෙන් රසවත් කිරීමට රිවර්බ් සංගීත කණ්ඩායම එක් ව සිටි අතර ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ද ඊයේ රාත්‍රියේ දී සිය ගීතවලින් පැමිණ සිටි ප්‍රේක්ෂකයින් ව රසවත් කළා.

ගැයූ ගීතවලට අලංකාරවත් නර්තන වින්‍යාසයන් එක් කළේ ‘සනූ විත් සුපර් සෙන්ස්’ විසින්.

රිවර්බ් සංගීත කණ්ඩායමේ නැටවෙන සංගීතයට ජනකාන්ත ගායන තරු ලෙස ශෂිකා නිසංසලා, අජිත් මුතුකුමාරණ, නලින්ද රණසිංහ, දිනේෂ් තරංග, මිලින්ද සඳරුවන්, රුක්ෂි, රෙඩ් සහ අවිශ්ක ඕෂධ එක් වුණා.

රාත්‍රී 09ට ආරම්භ වූ දසත සමගි සූර්‍යය මංගල්‍යයේ සංගීත රාත්‍රිය අද අලුයම වෙන තෙක් පැමිණ සිටි ජනතාවට ප්‍රීතිමත් – වින්දනීය මෙන් ම අමතක නොවන සංගීත රාත්‍රියක් උදා කිරීමටයි සමත් වූයේ.

මීට අමතරව ‘දසත මාධ්‍ය ජාලය’ විසින් සංවිධානය කරන ලද ‘දසත සමගි සූර්යය මංගල්‍යය’ ඊයේ දවස පුරා අවුරුදු තරග රැසක් සමගින් දෙල්වගුර මලියදේව ප්‍රාථමික විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී අතිසාර්ථකව අවසන් කෙරුණා.

මෙහි සංවිධාන ශක්තිය ‘සමගි ක්‍රීඩා සමාජය’ විසින් ද දසත මාධ්‍ය ආයතනය හා එක් ව සිදු කළා.

2025 වර්ෂයේ දසත සමගි සූර්යය මංගල්‍යයේ අවුරුදු කුමරා ලෙස ප්‍රථම ස්ථානය දිනාගත්තේ මහනුවරින් අංක 07න් තරග වැදි ඉෂාර මධුෂංක ජයසූරිය යි.

එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් අවුරුදු කුමරා ලෙස අංක 04 සහ අංක 01න් තරග වැදි අවුරුදු කුමාරවරුන් දිනාගත්තා.

මෙවර දසත සමගි සූර්යය මංගල්‍යයේ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ කඩවත සිට පැමිණි අංක 08න් තරග වැදි තිසගි ගමගේ යි.

එහි දෙවැනි හා තෙවැනි ස්ථාන අංක 03 සහ අංක 02න් තරග වැදි අවුරුදු කුමරියන් විසින් දිනාගනු ලැබුවා.

දසත සමගි සූර්යය මංගල්‍යය පැවැත්වීමට පූර්ණ මගපෙන්වීම දසත මාධ්‍ය ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ පී.එස්. මධුසංක මහතා සහ එම කාර්‍යය මණ්ඩලය විසින් සිදු කරනු ලැබු අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස වයඹ පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග, සහකාර පොලිස් අධිකාරී සංජීව එදිරිසිංහ ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19
Video thumbnail
ඇමති හඳුන්නෙත්ති හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:38
Video thumbnail
ලොරියක ගැටුණු ඩිෆෙන්ඩර් රථය කුඩේ කුඩු
00:43
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
00:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
01:00
Video thumbnail
පච කියලම ජනාධිපතිගේ මූණ කළුවෙලා - නාමල්ට හොඳටම හිනා
12:41
Video thumbnail
දේශපාලන ප්‍රබලයෝ රැසක් පෝලිමට හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
04:28
Video thumbnail
තනියෙන් ආ හඳුන්නෙත්ති, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
02:05