2025 චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් කොටසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ආකෘතිය යටතේ පැවැත්වීම සඳහන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරාගෙන තිබෙනවා.

මෙම තෝරා ගැනීමත් සමඟ එළඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලිය පාකිස්ථානයේ සත්කාරකත්වය යටතේ පාකිස්ථානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට අවසන් තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාකරන තරග සියල්ල අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා පාකිස්තානයේ සංචාරය කිරීමට ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දැඩි මත ගැටුම් මැද තරගාවලිය රටවල් දෙකක පැවැත්වීමට සඳහා පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකඟතාවයට පැමිණියා.

එම එකඟතාවයට අනුවයි තරගාවලිය දෙමුහුන් ආකෘතිය යටතේ පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරාගෙන ඇත්තේ.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම සමඟ තරග කිරීම සඳහා අනෙකුත් කණ්ඩායම්වලට පාකිස්තානයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා ගමන් කිරීමට සිදුවනු ඇති අතර, බොහෝ දුරට එම තරග ඩුබායිහිදී පැවැත්වීම ඉඩකඩ පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

වත්මන් ශූරයින් වන පාකිස්ථානය පෙබරවාරි 19 වනදා නවසීලන්තයට එරෙහිව කරච්චිහි දී 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?