2025 චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් කොටසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ආකෘතිය යටතේ පැවැත්වීම සඳහන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරාගෙන තිබෙනවා.

මෙම තෝරා ගැනීමත් සමඟ එළඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලිය පාකිස්ථානයේ සත්කාරකත්වය යටතේ පාකිස්ථානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට අවසන් තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාකරන තරග සියල්ල අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා පාකිස්තානයේ සංචාරය කිරීමට ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ දැඩි මත ගැටුම් මැද තරගාවලිය රටවල් දෙකක පැවැත්වීමට සඳහා පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකඟතාවයට පැමිණියා.

එම එකඟතාවයට අනුවයි තරගාවලිය දෙමුහුන් ආකෘතිය යටතේ පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෝරාගෙන ඇත්තේ.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම සමඟ තරග කිරීම සඳහා අනෙකුත් කණ්ඩායම්වලට පාකිස්තානයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා ගමන් කිරීමට සිදුවනු ඇති අතර, බොහෝ දුරට එම තරග ඩුබායිහිදී පැවැත්වීම ඉඩකඩ පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

වත්මන් ශූරයින් වන පාකිස්ථානය පෙබරවාරි 19 වනදා නවසීලන්තයට එරෙහිව කරච්චිහි දී 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54
Video thumbnail
දින 10ක් වයසැති බිළිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:39
Video thumbnail
මාධ්‍ය හමුවෙදි සීලරතන හිමිට එකපාරම වුණ දේ..කොට්ටහට්ටි නටන කාලෙනේ ඕන එකක් නටාගන්න
06:55
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42