අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා.
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා සිට පෙරේදා (30) දින තෙක් කල් ලබා දී තිබූ අතර එම කාලයයි මෙලෙස දීර්ඝ කර ඇත්තේ.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කාලය දෙසැම්බර් 10 වනදා තෙක් දීර්ඝ කර ඇති බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනය කළා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා සෘජු දූරකථන අංක ද හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව ක්ෂණික ඇම්තුම් අංකය ලෙස 1911 ත්, දූරකථන අංක ලෙස 0112784208, 0112784537, 0112786616 හෝ යන අංකවලින් සම්බන්ධ විය හැකියි.
ඊට අමතර ව විද්‍යුත් තැපෑල [email protected] වෙත ගැටලු යොමු කිරීමෙන් ද වැඩිදුර විස්තර දැනගත හැකි වනවා.