ගුවන් මගියාගේ ලක්ෂ 09කට විද්ද කුලී රථ රියදුරා කටුනායක දී අල්ලයි

කටුනායකට පැමිණි ගුවන් මගියෙකුගේ අත්බෑගයේ තිබූ රුපියල් නවලක්ෂ හාරදහස් හාරසීයයක මුදලක් සොරාගත් පුද්ගලික ආයතනයක් යටතේ කුලී රථ සේවා සපයන කුලී රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කුලී රථ රියදුරා කටුනායක පොලිසිය විසින් අද (31) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඩුබායි හි සේවය කළ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් පෙරේදා (29) දින රාත්‍රීයේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එලෙස පැමිණි එම පුද්ගලයා සිය නිවස වෙත යාමට පුද්ගලික ආයතනයක් යටතේ කුලී රථ සේවා සපයන කුලී රථයක් වෙන්කර වෙන්කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී එම පුද්ගලයා සිය ලැප්ටොප් පරිගණකය ද අඩංගු අත්බෑගය රථය තුළ අමතක වී බැස ගොස් තිබෙනවා.

පසුව එම බෑගය පිළිබඳව එම පුද්ගලයා කුලී රථයේ රියදුරුගෙන් විමසා ඇති අතර, එය තම රථයේ ඇති බවත් එය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ භාරගන්නා ලෙසත් පවසා ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව ගුවන් මගියා අද (31) දින උදෑසන අදාළ බෑගය භාරගෙන පරීක්ෂා කිරීමේ දී එහි තිබූ රුපියල් 904,400ක මුදලක් නොමැති බව දැනගැනීමෙන් පසු ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම මුදල් අතර ඇමරිකානු ඩොලර් ඇතුළු විදෙස් මුදල් ද තිබූ බවයි ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

ඒ, අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ කුලී රථ රියදුරා සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ එම මුදල් හංවැල්ල ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතිය වෙත ලබාදුන් බවයි.

පසුව පොලිසිය කළ දැනුම්දීම මත අදාළ පෙම්වතිය පොලිසිය වෙත පැමිණ එම මුදල භාරදීමට අද (31) දහවල් දහවල් පියවර ගෙන තිබෙනවා.

සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට කුලී රථ රියදුරා අද (31) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කුලී රථ රියදුරා අනුරාධපුරය ප්‍රදේශයේ පදිංච් 38 හැවිරිදි අයෙක්.

  1. කරුණා කරල කුලී රත ආයතනයේ නම ප්‍රසිද්ධ කරන්න ඒ අයට මේකෙන් ගැලවෙන්න බැහැ මොකෝ මගියා ගන්නේ ආයතනයේ විශ්වාසයට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05