මියන්මාරයට වෛද්‍ය කණ්ඩායමක් යවන්න – රනිල්ගෙන් ඉල්ලීමක්

මියන්මාරයට බලපෑ භූ කම්නයෙන් පසු ආපදාවට පත් එරට ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලීමක් කරනවා.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

මියන්මාරය සහ ශ්‍රී ලංකාව සමීප සබඳතාවක් පවතින බවත්; එරට වෙසෙන ජනතාවට සහන සැලසීම සඳහා ඖෂධ ඇතුළුව වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යොමු කිරීමට තමන් රජයට යෝජනා කරන බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

  1. දූරදර්ශී හා සානුකම්පිත බෞද්ධ නායකයින් රටේ/ රජයේ තවම ඇතැයි විශ්වාස කරමු. බෞද්ධ රාජ්‍ය යකට වු ව්‍යසනයට බෞද්ධ රාජ්‍යයක් සේ උදව් කරමු .