බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විමල්ගේ පක්ෂය විරෝධතාවයක (වීඩියෝ)

කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (31) විරෝධතාවක් පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ප්‍රධානීන් පිරිසකට එක්සත් රාජධානියෙන් පැන වූ සම්බාධක හෙළා දකිමින් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ලැමිට විරෝධය දක්වමින් ජාතික නිදහස් පෙරමුණ විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

විදේශ ප්‍රතිපත්තියේ දෙබිඩි පිළිවෙත සහ කුහකත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය හෙළා හෙළා දකින බවයි විරෝධතාකරුවන් මෙහිදී කියා සිටියේ.

විරෝධතාවය හේතුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අසල පොලිස් ආරක්ෂාව ද තරකර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

මෙහිදී විරෝධතකරුවන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් ද භාරදුන්නා.