2024 වසරේ රජයේ අපේක්ෂිත ආදායම ගැන අනාවරණයක්

2024 වසරේ අයවැයෙන් රජය අපේක්ෂා කළ ආදායමට වඩා සැබැවින්ම ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 594 කින් අඩුවන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.

ප්‍රතිශතයක් ලෙස මෙය රජය අපේක්ෂා කළ ආදායමෙන් 14% ක අඩු වීමක් බව ‘ස්ටේට් ඔෆ් ද බජට් රිපෝට් 2024’ වාර්තාවේ සඳහන්.

2024 අයවැය සම්පාදනය කරමින් රජය උපයා ගැනීමට ඇස්තමේන්තු කළ අදායම රුපියල් බිලියන 4,164ක්.

ඒසේ වුව ද සැබෑවටම රජයට ලැබෙන අදායම වනු ඇත්තේ රුපියල් බිලියන 3,570ක් පමණක් බව වෙරිටේ රිසර්ච් පෙන්වා දෙනවා.

රජය අපේක්ෂා කළ ආදායම සහ සැබෑ ආදායම අතර වෙනස නිර්මාණය වී ඇත්තේ, ප්‍රධාන වශයෙන් වැට්, සමාජ ආරක්ෂණ සහ රේගු බදුවලින් සහ සමාගම් හා පෞද්ගලික ආදායම් බදු ආදායම අධි තක්සේරු කොට වාර්තා කිරීම හේතුවෙන් බව
වෙරිටේ රිසර්ච් වාර්තාවේ සඳහන්.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු 1991 වසරේ සිට කිසිදු අයවැයකින් අපේක්ෂා කළ ආදායම ලබානැතැයි පෙන්වා දෙන වෙරිටේ රිසර්ච් පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ අයවැයෙන් ඉලක්කගත ආදායම අඛණ්ඩව අහිමිවන 33 වැනි වසර මෙය බවයි.

මේ අතර ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි සමාලෝචනය අවිනිශ්චිත වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින්
නික්කෙයි ඒෂියා වාර්තා කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති අනිවාර්ය අවශ්‍යතාවයක් වන ඩොලර් බිලියන 12 කට වඩා වැඩි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වූ බව ශ්‍රී
ලංකාව පසුගිය අඟහරුවාදා නිවේදනය කළා.

ගිවිසුමකට එළැඹීම IMF ප්‍රධාන කොන්දේසියක් වන බැවින් ප්‍රමාදය ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත සමාලෝචනයේ දී විධායක මණ්ඩල අනුමැතිය ලැබීම ප්‍රමාද වීමට එය හේතුවනු ඇතැයි ආර්ථික විශේෂඥ තලල් රාෆි උපුටා දක්වමින් නික්කෙයි
ඒෂියා වාර්තා කරනවා.

එමෙන්ම එළැඹෙන ජනාධිපතිවරණය හේතුවෙන්, සාකච්ඡා ක්‍රියාවලිය වේගවත් කරන ලෙස රජයට බලපෑම් ඇතිව තිබෙන බව පවසන රාෆි කඩිනමින් එවැනි ගනුදෙනුවකට එළැඹීමේ දී අහිතකර තත්ත්වයන් ඇති වීමේ වැඩි අවස්ථාවක්
පවතින බවද පෙන්වා දෙනවා.

එවැනි අවාසිදායක ගනුදෙනුවක් හේතුවෙන් ඉදිරි වසරවල දී ණය ආපසු ගෙවීම දරාගත නොහැකි වීමෙන් දෙවැනි වරටත් ණය පැහැර හැරීමකට තුඩු දිය හැකි බව ඔහු අනතුරු අඟවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45


?