2024 වසරේ රජයේ අපේක්ෂිත ආදායම ගැන අනාවරණයක්

2024 වසරේ අයවැයෙන් රජය අපේක්ෂා කළ ආදායමට වඩා සැබැවින්ම ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 594 කින් අඩුවන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.

ප්‍රතිශතයක් ලෙස මෙය රජය අපේක්ෂා කළ ආදායමෙන් 14% ක අඩු වීමක් බව ‘ස්ටේට් ඔෆ් ද බජට් රිපෝට් 2024’ වාර්තාවේ සඳහන්.

2024 අයවැය සම්පාදනය කරමින් රජය උපයා ගැනීමට ඇස්තමේන්තු කළ අදායම රුපියල් බිලියන 4,164ක්.

ඒසේ වුව ද සැබෑවටම රජයට ලැබෙන අදායම වනු ඇත්තේ රුපියල් බිලියන 3,570ක් පමණක් බව වෙරිටේ රිසර්ච් පෙන්වා දෙනවා.

රජය අපේක්ෂා කළ ආදායම සහ සැබෑ ආදායම අතර වෙනස නිර්මාණය වී ඇත්තේ, ප්‍රධාන වශයෙන් වැට්, සමාජ ආරක්ෂණ සහ රේගු බදුවලින් සහ සමාගම් හා පෞද්ගලික ආදායම් බදු ආදායම අධි තක්සේරු කොට වාර්තා කිරීම හේතුවෙන් බව
වෙරිටේ රිසර්ච් වාර්තාවේ සඳහන්.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු 1991 වසරේ සිට කිසිදු අයවැයකින් අපේක්ෂා කළ ආදායම ලබානැතැයි පෙන්වා දෙන වෙරිටේ රිසර්ච් පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ අයවැයෙන් ඉලක්කගත ආදායම අඛණ්ඩව අහිමිවන 33 වැනි වසර මෙය බවයි.

මේ අතර ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි සමාලෝචනය අවිනිශ්චිත වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින්
නික්කෙයි ඒෂියා වාර්තා කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති අනිවාර්ය අවශ්‍යතාවයක් වන ඩොලර් බිලියන 12 කට වඩා වැඩි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වූ බව ශ්‍රී
ලංකාව පසුගිය අඟහරුවාදා නිවේදනය කළා.

ගිවිසුමකට එළැඹීම IMF ප්‍රධාන කොන්දේසියක් වන බැවින් ප්‍රමාදය ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත සමාලෝචනයේ දී විධායක මණ්ඩල අනුමැතිය ලැබීම ප්‍රමාද වීමට එය හේතුවනු ඇතැයි ආර්ථික විශේෂඥ තලල් රාෆි උපුටා දක්වමින් නික්කෙයි
ඒෂියා වාර්තා කරනවා.

එමෙන්ම එළැඹෙන ජනාධිපතිවරණය හේතුවෙන්, සාකච්ඡා ක්‍රියාවලිය වේගවත් කරන ලෙස රජයට බලපෑම් ඇතිව තිබෙන බව පවසන රාෆි කඩිනමින් එවැනි ගනුදෙනුවකට එළැඹීමේ දී අහිතකර තත්ත්වයන් ඇති වීමේ වැඩි අවස්ථාවක්
පවතින බවද පෙන්වා දෙනවා.

එවැනි අවාසිදායක ගනුදෙනුවක් හේතුවෙන් ඉදිරි වසරවල දී ණය ආපසු ගෙවීම දරාගත නොහැකි වීමෙන් දෙවැනි වරටත් ණය පැහැර හැරීමකට තුඩු දිය හැකි බව ඔහු අනතුරු අඟවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18