logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

2024 වසරේ මිලියනයේ සංචාරකයා දිවයිනට (ඡායාරූප)

2024 වසරේ ජනවාරි පළමු වනදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව අද (29) දස ලක්ෂය ඉක්මවා ගියා.

ඒ, අනුව මෙම වසරේ මෙරටට පැමිණි දස ලක්ෂ වැනි සංචාරකයා බවට අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි සහ පැට්‍රීෂියා රෝයි යුවළ පත් වුණා.

ඔවුන් අද (29) දහවල් 12.40ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම වෙනුවෙන් උත්කර්ෂවත් උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී සංවිධානය කර තිබූ බවයි ගුවන් තොටුපොළ දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?