2024 ලෙජන්ඩ් ට්‍රොෆි තරගාවලියේ තරග පාවාදීම සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව මාර්තුවේ දී

පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේ දී පැවති ලෙජන්ඩ් ට්‍රොෆි 2024 ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග කළ පැමිණිල්ලකට අනුව ගොනු කළ නඩුවේ තීන්දුව මාර්තු මස 10 වැනි දින ප්‍රකාශයට පත් කරන බවට අධිකරණය දැනුම්දී තිබෙනවා.

ඔහු විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව අද (31) දින යළි කැඳවමින් මාතලේ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් එකී නියෝගය නිකුත් කරනු ලැබුවා.

කෙසේවෙතත් පසුගිය ඔක්තෝබර් 08 වැනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ව අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය වරෙන්තුවක් ද නිකුත් කෙරුණා.

ඒ ඔහු විසින් සිදු කරන ලද පැමිණිල්ලේ සාක්ෂි ලබාදීමට හෙතෙම උසාවියේ පෙනී නොසීම හේතුවෙන්.

උපුල් තරංග ඒ වනවිට අමෙරිකානු නැෂනල් ලීග් T10 තරගාවලිය සඳහා අමෙරිකාවට ගොස් සිටියා.

එබැවින් ඔහු දිවයිනට පැමිණි විගස ම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය එදින දැනුම්දුන්නා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මාතලේ මහාධිකරණය තමන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උපුල් තරංග විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් කොළඹ අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් මස 30 වැනි දිනයි.

එම අවස්ථාවේ දී මාතලේ මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය එදින නියෝග කළා.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, ඉදිරියේ දී අදාළ නඩුව මාතලේ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවන අවස්ථාවේ එම අධිකරණය හමුවේ පෙනී සිටින බවට උපුල් තරංග සිය නීතිඥවරු මාර්ගයෙන් දුන් ප්‍රතිඥාවක් සලකා බැලීමෙන් පසුවයි.

මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙවන් තත්ත්වයක් මතයි මෙම නඩුව අද දිනයේ දී යළිත් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවමින් නඩුවේ තීන්දුව මාර්තු මාසයේ මුල් සතියේ දිනෙක (10) ලබාදීමට තීරණය කළේ.

මේ අතර මෙම ලෙජන්ඩ් ට්‍රොෆි තරගාවලියේ දී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පලා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් මීට පෙර මාතලේ මහාධිකරණයට දැනුම්දීමක් සිදු කරනු ලැබුවා.

මෙලෙස රටින් පලා ගොස් ඇත්තේ එම චෝදනා සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කළ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?