2024 අයවැයෙන් ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දූෂණ අක්‍රමිකතා මැඩලීමට පියවර

2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර ඇති අතර එමඟින් ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වළක්වා ගැනීමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ පවසනවා.

එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පතෙහි මෙන්ම, පවතින නීති රීති සහ කෙටුම්පත්වල වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ.

ඇය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය,

රට තුළ රෝහල් පද්ධතියට මෙන්ම විශේෂයෙන් සායනික කටයුතු සඳහා අවශ්‍ය ගුණාත්මක ඖෂධ රෝගීන්ට ලබාදීම සම්බන්ධයෙන් අප මේ වන විට ඉහළ අවධානයක් යොමු කර තිබෙනවා. පවතින ආර්ථික තත්ත්වය මත ශෛල්‍ය සහ නඩත්තු කටයුතුවල යම් පසුබෑම් ඇති වී තිබෙනවා. නමුත් ලබන වසරේදී දේශීය සහ විදේශියව ලැබෙන මූල්‍යමය දායකත්වයන් සමඟ එම තත්ත්වය මඟහරවා ගනිමින් එම කටයුතු සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වනවා.

ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් සිද්ධ කළ යුතුව තිබෙනවා. පසුගිය සතියේ ද යම් වෙනස්කම් කිහිපයක් අප විසින් සිදු කළා. ඉදිරි සතිය තුළ තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිතයි. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත, පවතින නීති රීති සහ කෙටුම්පත්වල ද වෙනස්කම් සිදු කිරීමට අප බලාපොරොත්තු වනවා.

මේ වන විටත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ද වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා. ඒ වගේම 2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර තිබෙනවා. එමඟින් ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වළක්වා ගැනීමට අවස්ථාව හිමි වනවා.

රට තුළ පවතින ඖෂධ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීම සහ ඒවා වෙළදපලට හඳුන්වාදීම තවදුරටත් වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන මානව සම්පත කළමනාකරණය කිරීම සඳහා ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදුව තිබෙනවා. ඒ සඳහා තනතුරුවල වෙනස්කම් රැසක් සිදු කළා. මේ සෑම වෙනස්කමකින්ම අප බලාපොරොත්තු වන්නේ, ඖෂධ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කිරීමයි.

ඒවගේම ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කිරීමට ද නියමිතයි. සැමට සමාන වූ සෞඛ්‍ය සේවයක් ලබා දෙන්නේ කෙසේ ද යන්න (Universal Health Coverage) සහ (Social protection) සමාජ ආරක්ෂණය පිළිබඳව ලෝකයේ මේ වන විට අවධානය යොමු වී තිබෙනවා. ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම පවතින වර්ෂාවත් සමග ඩෙංගු පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් කරනවා. සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල සහයෝගය නිසා පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මරණ ප්‍රතිශතය අඩු කරගැනීමට අපට හැකි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?