2024 අයවැයෙන් ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දූෂණ අක්‍රමිකතා මැඩලීමට පියවර

2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර ඇති අතර එමඟින් ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වළක්වා ගැනීමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ පවසනවා.

එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පතෙහි මෙන්ම, පවතින නීති රීති සහ කෙටුම්පත්වල වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ.

ඇය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය,

රට තුළ රෝහල් පද්ධතියට මෙන්ම විශේෂයෙන් සායනික කටයුතු සඳහා අවශ්‍ය ගුණාත්මක ඖෂධ රෝගීන්ට ලබාදීම සම්බන්ධයෙන් අප මේ වන විට ඉහළ අවධානයක් යොමු කර තිබෙනවා. පවතින ආර්ථික තත්ත්වය මත ශෛල්‍ය සහ නඩත්තු කටයුතුවල යම් පසුබෑම් ඇති වී තිබෙනවා. නමුත් ලබන වසරේදී දේශීය සහ විදේශියව ලැබෙන මූල්‍යමය දායකත්වයන් සමඟ එම තත්ත්වය මඟහරවා ගනිමින් එම කටයුතු සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වනවා.

ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් සිද්ධ කළ යුතුව තිබෙනවා. පසුගිය සතියේ ද යම් වෙනස්කම් කිහිපයක් අප විසින් සිදු කළා. ඉදිරි සතිය තුළ තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිතයි. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත, පවතින නීති රීති සහ කෙටුම්පත්වල ද වෙනස්කම් සිදු කිරීමට අප බලාපොරොත්තු වනවා.

මේ වන විටත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ද වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා. ඒ වගේම 2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර තිබෙනවා. එමඟින් ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වළක්වා ගැනීමට අවස්ථාව හිමි වනවා.

රට තුළ පවතින ඖෂධ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීම සහ ඒවා වෙළදපලට හඳුන්වාදීම තවදුරටත් වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන මානව සම්පත කළමනාකරණය කිරීම සඳහා ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදුව තිබෙනවා. ඒ සඳහා තනතුරුවල වෙනස්කම් රැසක් සිදු කළා. මේ සෑම වෙනස්කමකින්ම අප බලාපොරොත්තු වන්නේ, ඖෂධ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කිරීමයි.

ඒවගේම ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කිරීමට ද නියමිතයි. සැමට සමාන වූ සෞඛ්‍ය සේවයක් ලබා දෙන්නේ කෙසේ ද යන්න (Universal Health Coverage) සහ (Social protection) සමාජ ආරක්ෂණය පිළිබඳව ලෝකයේ මේ වන විට අවධානය යොමු වී තිබෙනවා. ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම පවතින වර්ෂාවත් සමග ඩෙංගු පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් කරනවා. සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල සහයෝගය නිසා පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මරණ ප්‍රතිශතය අඩු කරගැනීමට අපට හැකි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21