2024 අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 237ක්

යෝජිත 2024 අයවැය මගින් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ ආචාර්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එම ප්‍රමාණය අධ්‍යපානය වෙනුවෙන් වෙන් කළ සමස්ත මුදල නොවන බවත් පළාත් සභා යටතේ වෙන්වන වැය ශීර්ෂය හරහා ද පළාත් 09 ආවරණය පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා මුදල් වෙන් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ යන මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

2024 පෙබරවාරි 19 වැනිදා නව වසරේ පළමු පාසැල් වාරය ආරම්භ කරන බව ද සඳහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව පළමු වසරේ සිට එකොළහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළ ම අවසන් කිරීමට හැකි බව ද කියා සිටියා.

තමන් අමාත්‍ය ධුරය භාර ගන්නා විට දී අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයෙ පුරප්පාඩු 808ක් තිබුණ ද, මේ වනවිට එම ප්‍රමාණයෙන් 50%ක් බඳවා ගැනීමට භාණ්ඩාගාර අනුමැතිය හිමි වූ බව ද හෙතෙම කියා සිටියා.

ඒ වෙනුවෙන් පැවැත්විය යුතු අදාළ විභාගය මේ වන විට පවත්වා අවසන් බැවින් කඩිනමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවාගැනීම් සිදු කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවයි සුසිල් ප්‍රේම්ජයන්ත වැඩිදුරටත් පැවසුවේ.

ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා පුරප්පාඩු 707ක බඳවා ගැනීම් සඳහා අනුමැතිය හිමි ව ඇති හෙයින් ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සකසන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?