2024 අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 237ක්

යෝජිත 2024 අයවැය මගින් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ ආචාර්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එම ප්‍රමාණය අධ්‍යපානය වෙනුවෙන් වෙන් කළ සමස්ත මුදල නොවන බවත් පළාත් සභා යටතේ වෙන්වන වැය ශීර්ෂය හරහා ද පළාත් 09 ආවරණය පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා මුදල් වෙන් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ යන මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

2024 පෙබරවාරි 19 වැනිදා නව වසරේ පළමු පාසැල් වාරය ආරම්භ කරන බව ද සඳහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව පළමු වසරේ සිට එකොළහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළ ම අවසන් කිරීමට හැකි බව ද කියා සිටියා.

තමන් අමාත්‍ය ධුරය භාර ගන්නා විට දී අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයෙ පුරප්පාඩු 808ක් තිබුණ ද, මේ වනවිට එම ප්‍රමාණයෙන් 50%ක් බඳවා ගැනීමට භාණ්ඩාගාර අනුමැතිය හිමි වූ බව ද හෙතෙම කියා සිටියා.

ඒ වෙනුවෙන් පැවැත්විය යුතු අදාළ විභාගය මේ වන විට පවත්වා අවසන් බැවින් කඩිනමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවාගැනීම් සිදු කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවයි සුසිල් ප්‍රේම්ජයන්ත වැඩිදුරටත් පැවසුවේ.

ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා පුරප්පාඩු 707ක බඳවා ගැනීම් සඳහා අනුමැතිය හිමි ව ඇති හෙයින් ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සකසන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40