2023 විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට

2023 විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවේ ෂෙයිනිස් පැලසියෝස් දිනාගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී තරගාවලිය පැවැත්වුණේ එල් සැල්වදෝරයේ අගනුවර වන සැන් සැල්වදෝරයේයි.

එහිදී වාර්ෂික රූ රැජින තරඟයේ කූටප්‍රාප්තියේදී නිකරගුවාවේ ෂෙයිනිස් පැලසියෝස් 2023 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවා. තායිලන්තයේ Anntonia Porsild පළමු අනුශූරතාව හිමිකර ගත්තා.

රටවල් 84ක ජාතික තරඟාවලි ජයග්‍රාහකයින් මෙවර විශ්ව රූ රැජින තරඟාවලිය සඳහා තරඟ කරනු ලැබුවා.

නිරූපිකාවන් වන Halima Aden, Carson Kressley, Avani Gregg සහ හිටපු විශ්ව රූ රැජින ජයග්‍රාහකයන් වන Trinidad & Tobago හි Janelle Commissiong (Miss Universe 1977) සහ ප්‍රංශයේ Iris Mittenaere (Miss Universe 2016) විසින් මෙවර තරගාවලිය විනිශ්චය කර තිබෙනවා.

මූලික තරගයේ ගෝලීය රසික ඡන්දයේ ප්‍රතිඵලවලින් පසුව සෙනසුරාදා රාත්‍රියේ තරගාවලිය ආරම්භයේදී අවසන් පූර්ව වටයේ තරගකරුවන් 20ක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. පිහිනුම් ඇඳුම් වටයෙන් පසුව එම සංඛ්‍යාව පිටිය 10 දක්වා අඩුවී තිබෙනවා.

තරගයේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු තරඟකාරිය වන නේපාල රූ රැජින මෙන්ම පිහිනුම් ඇඳුම ලෙස බුර්කිනියක් තෝරා ගත් පළමු තරඟකාරිය වන පාකිස්තානු රූ රැජින ද එහිදී ඉවත් වුණා. සවස පැවති ගවුම් ඇඳුම් වටයේදී නැවතත් තරඟකරුවන් ගණන අඩකින් අඩු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උණුසුම් මාතෘකා ප්‍රශ්න වට දෙකකින් පසුව තරඟ වැදුනේ කාන්තාවන් තිදෙනෙක් පමණයි. ඒ කිරුළ හිමි කර ගත් නිකරගුවාවේ පැලසියෝස්, තායිලන්තයේ පෝර්සිල්ඩ් සහ දෙවන අනුශූරිය වූ ඕස්ට්‍රේලියාවේ මොරයා විල්සන්.

අවසාන වටයේදී නිකරගුවාවේ පැලසියෝස්ගෙන් විනිසුරුවරුන් විමසා සිටියේ ජීවිතයේ දිනයක් ගත කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් තෝරා ගන්නේ කවුරුන්ද යන්නයි. ඊට පැලසියෝස් සඳහන් කර ඇත්තේ 18 වැනි සියවසේ බ්‍රිතාන්‍ය දාර්ශනිකයෙකු සහ ස්ත්‍රීවාදී මේරි වොල්ස්ටෝන්ක්‍රාෆ්ට් තෝරා ගන්නා බවයි. ඇය බොහෝ සීමා මායිම් බිඳ දමා කාන්තාවන්ට අවස්ථාවක් ලබා දුන් බවයි තරගකාරිය සඳහන් කළේ. ඒ අනුව වර්තමානයේ කාන්තාවන් සඳහා සීමාවන් නොමැති බවයි නිකරගුවා තරගකාරිය පරිවර්තකයෙකු හරහා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?