2023 විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවට

2023 විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවේ ෂෙයිනිස් පැලසියෝස් දිනාගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී තරගාවලිය පැවැත්වුණේ එල් සැල්වදෝරයේ අගනුවර වන සැන් සැල්වදෝරයේයි.

එහිදී වාර්ෂික රූ රැජින තරඟයේ කූටප්‍රාප්තියේදී නිකරගුවාවේ ෂෙයිනිස් පැලසියෝස් 2023 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවා. තායිලන්තයේ Anntonia Porsild පළමු අනුශූරතාව හිමිකර ගත්තා.

රටවල් 84ක ජාතික තරඟාවලි ජයග්‍රාහකයින් මෙවර විශ්ව රූ රැජින තරඟාවලිය සඳහා තරඟ කරනු ලැබුවා.

නිරූපිකාවන් වන Halima Aden, Carson Kressley, Avani Gregg සහ හිටපු විශ්ව රූ රැජින ජයග්‍රාහකයන් වන Trinidad & Tobago හි Janelle Commissiong (Miss Universe 1977) සහ ප්‍රංශයේ Iris Mittenaere (Miss Universe 2016) විසින් මෙවර තරගාවලිය විනිශ්චය කර තිබෙනවා.

මූලික තරගයේ ගෝලීය රසික ඡන්දයේ ප්‍රතිඵලවලින් පසුව සෙනසුරාදා රාත්‍රියේ තරගාවලිය ආරම්භයේදී අවසන් පූර්ව වටයේ තරගකරුවන් 20ක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. පිහිනුම් ඇඳුම් වටයෙන් පසුව එම සංඛ්‍යාව පිටිය 10 දක්වා අඩුවී තිබෙනවා.

තරගයේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු තරඟකාරිය වන නේපාල රූ රැජින මෙන්ම පිහිනුම් ඇඳුම ලෙස බුර්කිනියක් තෝරා ගත් පළමු තරඟකාරිය වන පාකිස්තානු රූ රැජින ද එහිදී ඉවත් වුණා. සවස පැවති ගවුම් ඇඳුම් වටයේදී නැවතත් තරඟකරුවන් ගණන අඩකින් අඩු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උණුසුම් මාතෘකා ප්‍රශ්න වට දෙකකින් පසුව තරඟ වැදුනේ කාන්තාවන් තිදෙනෙක් පමණයි. ඒ කිරුළ හිමි කර ගත් නිකරගුවාවේ පැලසියෝස්, තායිලන්තයේ පෝර්සිල්ඩ් සහ දෙවන අනුශූරිය වූ ඕස්ට්‍රේලියාවේ මොරයා විල්සන්.

අවසාන වටයේදී නිකරගුවාවේ පැලසියෝස්ගෙන් විනිසුරුවරුන් විමසා සිටියේ ජීවිතයේ දිනයක් ගත කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් තෝරා ගන්නේ කවුරුන්ද යන්නයි. ඊට පැලසියෝස් සඳහන් කර ඇත්තේ 18 වැනි සියවසේ බ්‍රිතාන්‍ය දාර්ශනිකයෙකු සහ ස්ත්‍රීවාදී මේරි වොල්ස්ටෝන්ක්‍රාෆ්ට් තෝරා ගන්නා බවයි. ඇය බොහෝ සීමා මායිම් බිඳ දමා කාන්තාවන්ට අවස්ථාවක් ලබා දුන් බවයි තරගකාරිය සඳහන් කළේ. ඒ අනුව වර්තමානයේ කාන්තාවන් සඳහා සීමාවන් නොමැති බවයි නිකරගුවා තරගකාරිය පරිවර්තකයෙකු හරහා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08