2023 එක්දින ලෝක කුසලානයට එක්වන ඉන්දීය සංචිතය මෙන්න

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඉන්දීය මධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාර්කාර්, ශ්‍රී ලංකාවට පැමිණ කණ්ඩායම් කළමනාකාරීත්වය සමඟ සාකච්ඡාවක් පවත්වා සංචිතය අවසන් කිරීමට කටයුතු කර ඇති බව ආරංචි මාර්ග පවසනවා.

අජිත් ආගාර්කාර් ආසියානු කුසලානය සඳහා ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කරන විට පැවසුවේ එක්දින ලෝක කුසලාන ක්‍රීඩක ලැයිස්තුව ද ඒ හා සමානව පවතිනු ඇති බවයි.

ආසියානු කුසලාන සඳහා නම්කළ ඉන්දීය සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්ව ඇති අතර, ලෝක කුසලාන ඉන්දීය සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත් වනවා.

ඒ, අනුව ආසියානු කුසලානය වෙනුවෙන් නම්කළ සංචිතයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

එම ක්‍රීඩක ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන සාමාජිකයින් දෙදෙනා තිලක් වර්මා සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා බව මේ වනවිට දැනගන්නට ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඒ, අනුව ලෝක කුසලාන වෙනුවෙන් නම්කරන ඉන්දීය සංචිතය විය හැක්කේ,

රෝහිත් ෂර්මා (නායක), හර්දික් පාණ්ඩ්‍යා (උප නායක), ශ්‍රෙයාස් අයියර්, සූර්යකුමාර් යාදව්, KL රාහුල්, විරාත් කෝලි, ශුබ්මන් ගිල්, අක්සාර් පටෙල්, රවීන්ද්‍ර ජඩේජා, ඉෂාන් කිෂාන් (Wk), ෂර්දුල් තාකූර්, කුල්දීප් යාදෙව්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ්, ජස්ප්‍රිත් බුම්රා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?