2023 ආසියානු කුසලානය ගැන පාකිස්ථාන මාධ්‍යයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මෙවර ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය පාකිස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සහ බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) සහාය පළ කර ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්ථානයෙන් පිටතට ගෙන ගියහොත් ඊට සත්කාරකත්වය ලබාදීමට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් දෙකම කැමැත්තෙන් සිටින බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එවැනි තීරණය සඳහා සහාය පළ කර ඇද්ද යන්න සම්බධයෙන් අප එම ආයතනයෙන් විමසා සිටියේ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ එවැනි තීරණයක් ක්‍රිකට් ආයතන විසින් ගෙන නොමැති බවයි.

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් ආයතන විසින් එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවත් සඳහන් කර සිටියා.

මෙවර ආසියානු කුසලානය සඳහා තම කණ්ඩායම පාකිස්ථානයට යැවීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ආරම්භයේ සිටම ප්‍රතික්ෂේප කර සිටියා.

ඒ, අනුව මෙම තරගාවලිය වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමටයි ලොව ප්‍රබලතම ක්‍රිකට් පාලක මණ්ඩලය වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය උනන්දු වුණේ.

2023 ආසියානු කුසලානය ක්‍රිකට් තරගවලිය සඳහා සත්කාරකත්වය පාකිස්ථානයට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
0
+1
12
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?