2022 IPL තරගාවලියේ දී උරගා බැලූ මහේන්ද්‍ර සිං දෝනිගේ වාසනාව

ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුකරමින් යළිත් එහි වගකීම මහේන්ද්‍ර සිං දෝනි වෙත පවරන්නට එම කණ්ඩායමේ හිමිකාරිත්වය පසුගිය දා කටයුතු කළා.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයට මහේන්ද්‍ර සිං දෝනි යළිත් පත්වීමත් සමඟ එම කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් ම සුපිරි ජයක් ලබන්නට එම කණ්ඩායමට ඊයේ (01) රාත්‍රියේ හැකියාව ලැබුණා.

චෙන්නායි ක්‍රීඩකයින් මෙම ජයග්‍රහණය වාර්තා කළේ ඊයේ රාත්‍රියේ පූනේ හිදී පැවති තරගයෙන් මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩයම ලකුණු 13කින් පරාජය කරමින්.

මෙවර තරගාවලියේ දී මහේන්ද්‍ර සිං දෝනිට නායකත්වය ලබාදීමට පෙර චෙන්නායි කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා විසින්.

නායකත්වයේ වගකීම දෝනිට පවරන අවස්ථාවේ දී ජඩේජා පවසා තිබුණේ සිය දක්ෂතා කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමේ අරමුණින් එම වගකීමෙන් තමන් බැහැරවන බවයි.

වසර 15ක් පුරා අඛණ්ඩව දිග හැරෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගමාලාවේ චෙන්නායි කණ්ඩායම ආරම්භයේ සිටම නායකත්වය හොබවනු ලැබුවේ මහේන්ද්‍ර සිං දෝනි විසින් වීම විශේෂත්වයක්.

දෝනිගේ නායකත්වය යත්තේ චෙන්නායි පිල ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවය සිව්වරක් ජයග්‍රහණය කර ඇති අතර නිමා වූ 2021 වසරේ ශූරතාවය හිමිකර ගනු ලැබුවේ ද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

කෙසේ වෙතත් විචාරකයින් පවසන්නේ මහේන්ද්‍ර සිං දෝනි තීක්ෂණ බුද්ධියකින් යුත් වාසනාවන්ත නායකයෙකු බවයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ චෙන්නායි කණ්ඩායම මේ වනවිට තරග 09කට සහභාගී වී ජයග්‍රහණය කර ඇත්තේ තරග 03ක් වන අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ 09 වන ස්ථානයේයි.

චෙන්නායි ක්‍රීඩකයින් ඊයේ ලද මෙම ජයග්‍රහණය එම කණ්ඩායමේ හිමිකරිත්වයට සියුම් අස්වැසිල්ලක් වනු ඇති බවයි තරගාවලියේ විස්තර විචාරකයින් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 5ක් එකිනෙක වැදී සිදුවූ අනතුරේ ඔබ නොදුටු නවතම දර්ශන
02:03
Video thumbnail
නුවරට යන්න බස් නැතුව මහපාරේ අසරණ වුණ මිනිස්සු - වැඩ කරලා සති අන්තයේ ගෙදර යන්න ඉන්න මිනිස්සු
01:59
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර - මෙන්න උදෑසන තත්ත්වය
00:55
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00